සූවිසි විවරණ සිඩ්නි නුවර දිග හැරේ

ජූලි 4, 2019

 සරත් ධර්මසිරි අධ්‍යක්ෂණය කළ සම්මානනීය සිනමා සිතුවම සූවිසි විවරණ මෙම මස 07 වැනිදා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර රටුස් හිල් රිඩින් සිනමා ශාලාවේදි තිරගත වේ. 2014 වසරේ සාර්ක් චිත්‍රපට උලෙළේ හොඳම චිත්‍රපටය මෙන්ම හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මාන දිනාගත් සිනමාපටය වූයේ සූවිසි විවරණයි. මෙම චිත්‍රපටයේ කළ රංගනය උදෙසා ජයලත් මනෝරත්න කල්කටා බයිස්කෝප් සිනමා උලෙළේ හොඳම නළුවා ලෙසට අභිසෙස් ලැබීය.

ජයලත් මමෝරත්න, චාන්දනී සෙනෙවිරත්න, සනත් ගුණතිලක, ඩබ්ලිව්. ජයසිරි, දමිතා අබේරත්න, ඉන්දිකා උපමාලි, අජිත් ලොකුගේ, බර්ටි නිහාල් සුසිරිපාල, වසන්ති රන්වල, ජී. ආර්. පෙරේරා, ගිරිරාජ් කෞශල්‍ය, රිචඩ් මානමුදලි, මලින්ද පෙරේරා, ආන්යා මනෝධි ඇතුළු පිරිස සුවිසි විවරණ රංගනයෙන් හැඩ කරයි. මෙම චිත්‍රපටයේ ඕස්ට්‍රෙලියාවේ බෙදා හැරිම මහේෂ් බණ්ඩාරගෙනි. 

Add new comment