සයිමන් නවගත්තේගමගේ කතාවක් ප්‍රසන්න ජයකොඩිගේ චිත්‍රපටයක්

සංසාරේ දඩයක්කාරයා
ජූලි 4, 2019

පන්සල පිහිටියේ මහකැලෑව මැදි කොට ගෙන ය. එහෙයින් ගම සහ පන්සල අතර මග වැටී තිබුණේ ද මේ මහා කැලය තුලින් ය. පිං පව් නාමයෙන් ගමේ සියල්ල හාමුදුරුවන්ගේ අණසකට යටත් ය. ඒ අණසකට යටත් නොවූ එකම මිනිසා කැලේ විසූ දඩයක්කාරයා පමණි. ගමේ සියල්ලගේම මාංශ අවශ්‍යතාවයට සතුන් මැරුවේ ද මේ ඔහුය. එහෙයින් සතුන් මරා පව්කාරයා වූයේ ද මේ දඩයක්කාරයාම ය.මේ කතාව කියන්නේ වෙසක් මාසයේ ය. බණ ශ්‍රවණය කරමින් සිටි ගෝමරී නම් තරුණිය පන්සලෙන් පිටව යන විටදී කැලයේ පිරිමියෙකු හා රමණයේ යෙදේ. එහිදී ඔවුන් දෙදෙනා කැලේ සිටි කොටියාගේ ගොදුරක් බවට පත්වේ. කැලේ සිදුවන සියලු දේ දන්නේ දඩයක්කාරයා ය. කොටියා ගෝමරී දඩයම් කල බවත්, ඌට මිනිස් ලේ රස දැනී ඇති බවත් ඔහු හාමුදුරුවන්ට පවසයි. තවත් මිනිසුන් කොටියාට ගොදුරු නොවනු පිණිස ගැමියන් වෙසක් දින රෑ පන්සලට ගෙන්වා නොගන්නා ලෙස දඩයක්කාරයා හාමුදුරුවන්ගෙන් ඉල්ලා සිටී. හාමුදුරුවන් එය කර්මයට භාරකොට වෙසක් පොහෝ දින සීල ව්‍යාපාරය කරගෙන යාමට තීරණය කරයි.කිසිවෙකුගේ පරිභෝජනය වෙනුවෙන් මිස නිරපරාදේ සතෙකු නොමරන දඩයක්කාරයාට, හාමුදුරුවන් බණ කියන අතරතුර කුසගින්නට යමක් සොයා යන කොටියාව මරා දැමීමට සිදුවන්නේ ගැමියන් ආරක්ෂාකර ගැනීමටය. පසුවදා ගෝමරීගේ මිනිය බලන්නට යන හාමුදුරුවන්ට සහ දඩයක්කාරයාට දකින්නට ලැබෙන්නේ කුමක්ද?

සයිමන් නවගත්තේගමගේ දඩයක්කාරයාගේ කතාව ග්‍රන්ථය ඇසුරෙන් නිර්මාණය කළ සංසාරයේ දඩයක්කාරයා සිනමාපටයේ කතා සාරාංශය මෙසේය. එය ප්‍රසන්න ජයකොඩිගේ අධ්‍යක්ෂණයකි. ඉකුත් සරසවිය සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටය 2017 ලෙස සම්මානයට පාත්‍ර වූ 28 චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ද ප්‍රසන්නය. සංසාරයේ දඩයක්කාරයා සිනමාපටය අද සිට තිරගත වේ.

සිනමාපටයේ රංගන ශිල්පීන්

හේමසිරි ලියනගේ, සංජීව උපේන්ද්‍ර, ක්‍රිස්ටිනා බ්‍රිටෝ, ඉසුරු නවෝද් (ළමා නළු),තුසිත ලක්නාත්,

නිෂ්පාදන කණ්ඩායම

තිරරචනය සහ අධ්‍යක්ෂණය - ප්‍රසන්න ජයකොඩි

නිෂ්පාදනය - රසිත ජිනසේන, කපිල ද සිල්වා සහ වසන්ත බංඩාර

කැමරාඅධ්‍යක්ෂණය - විශ්ව බාලසූරිය

සංස්කරණය - රංගන සිංහාරගේ සහ ජීවන්ත ගුණතිලක

සංගීත අධ්‍යක්ෂණය - සුමුදු ගුරුගේ

අංග රචනය - නාරද තොටගමුව

සහය අධ්‍යක්ෂණය - චමින්ද පෙරේරා

කලා අධ්‍යක්ෂණය - රොහාන් සමරදිවාකර

විශේෂ ප්‍රයෝග - රෝෂන දෙල්වල, චමිත ලක්මාල් සහ ගයාන් ගුණසේකර

වර්ණ සංකලනය - ආනන්ද බණ්ඩාර, ෂින් ජුංයුන් සහ කිම් ඉල් ක්වාං

ශබ්ද සංකලනය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි

ශබ්ද නිර්මාණය - ඩබ්. ඩී. පොඩිරත්න

ඉංග්‍රීසි පරිවර්තනය (උප සිරැසි) - අර්ජුන සෙනෙවිරත්න

     

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.