ඇසුදුටු සමාජයේ උත්තරීතර සහෝදර ප්‍රේමය

හිතුමතේ ජීවිතේ
ජූලි 11, 2019

හැත්තෑව දශකයේ මැද භාගයේ කළුතර දිසාවේ රමණීය ගම්මානයක ජීවත් වූ සුන්දර පවුලකි. මව, පියා, පුතා, දුව එහි සාමාජිකයෝය. පියා වරායේ රැකියාවක් කරමින් කැදැල්ල සවිමත් කළේය. මව යහපත් ගෘහණියක වූවාය. සුමතිපාල නම් වූ පුතා සුළු රැකියාවක නිරත වූ අතර දුව කුමාරි උසස් අධ්‍යාපනය හදාරමින් සිටියාය. චාම් රූසපුවකින් පිරිපුන් ඇය කාගේත් මන බැන්දාය. තම යෙහෙළියගේත්, මවගේ සහ සොහොයුරාගේත් ඇවිටිලි මත ඇය බක් මහ කුමරි තරඟයට සහභාගී වූ අතර මේ පිළිබඳව පියා දැඩි ලෙස විරුද්ධ විය. ඇය බක්මහ කිරුළ දැරීමට වාසනාවන්ත වූවාය

එහි ප්‍රධාන ආරාධිතයෙකු ලෙස සහභාගී වුයේ බල ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපති තුමාය. එදින සියල්ල සතුටින් විසිර ගිය ද, ඇය පිළිබඳ විශේෂ උනන්දුවක් සහ ඇල්මක් දැක්වූ පොලිස් නිලධාරියා එයින් බැහැර වූයේ සිත තුළ යම් කුකුසක් ඉතිරි කර ගනිමිනි. කුමාරි සහ ඇයගේ හොඳම යෙහෙළියත් උපකාරක පන්ති නිමවී පැමිණෙන මඟ වාර කිහිපයක් ඇය මුණ ගැසීමේ උත්සාහයක නිරත වෙමින් ඇයට විවිධ යෝජනා ඉදිරිපත් කළේය. තමන්ට වඩා වයසෙන් පෙනුමෙන් මුහුකුරා ගිය එම නිලධාරියා පසුව ඇයට හිසරදයක් විය. මේ අරමුණ කෙසේ හෝ සාක්ෂාත් කර ගැනීමට උත්සහ දරණ මොහු බලහත්කාරයෙන් ඇය නතුකර ගැනීමට පිඹුරුපත් සැකසීය. මේ සඳහා ගමේ කිහිප දෙනෙකුගේ සහාය ලබා ගැනීමට පොලිස් නිලධාරියා උත්සුක විය. ඒ සඳහා ඔහුගේ සමීප යහළුවන් කිහිපදෙනෙකු වන ග්‍රාමසේවක, මස්කඩ මුදලාලි හා හෝටල් හිමියකුගේ සහයෝගය ලබා ගත්තේය. දිනක් පන්තිය නිම වී රසිකා සමඟ කුමාරි එමින් සිටියදී, බලහත්කාරයෙන් කුමාරි පැහැර ගන්නා පොලිස් නිලධාරියා, රසිකාට දැඩි ලෙස තර්ජනය කරමින් මේ පිළිබඳව කවුරුන් සමඟ හෝ පැවසූව හොත් ඇයව ද මරා දමන බවට ද තර්ජනය කළේය. වෙනදා මෙන් සුපුරුදු ලෙස පන්ති නිමවී නොපැමිණි දරුවා පිළිබඳ දෙමාපියෝ විමසිලිමත් වුහ. සොහොයුරා සහ පියා ඇය සොයමින් මුළු නගරය පුරා සැරිසැරූහ. නමුත් ඇය පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොලැබුණි. මේ අතර මරණ තර්ජන හමුවේ කම්පනයෙන් සිටි රසිකා එක වරම සිද්ධිය නොපැවසු අතර පසුව මේ පිළිබඳව කුමාරිගේ සොහොයුරා වන සුමතිපාලට හඩමින් පැවසුවාය.

මේ වන විට නිලධාරියා විසින් කුමාරිව දැඩි ලෙස අතරවරයට ලක් කර හමාරය. ඇය මේ සඳහා මොහුගේ සගයින් වන ග්‍රමසේවක, මස්කඩ මුදලාලි සහ හෝටල් හිමියා සහභාගී කර ගත්තේය. ඔවුන් විසින් කුමාරිව සමූහ දූෂණය කරනු ලැබූහ. ඉන් පසු ඇයව ඝාතනය කොට පුළුස්සා දැමූහ. මේ පිළිබඳ නිවැරදි විස්තර සොයා ගන්නා සුමතිපාල සහ පියා පොලිස් නිලධාරියා හමුවීමට ගිය මුත් නීතියෙන් ඔවුනට කිසිදු පිළිසරණක් නොලැබිණි. හිතුමතේ ජීවිතේ සිනමාපටය ගලා යන්නේ එලෙසින්ය. එම සිනමාපටය සමඟින් තවත් නවක අධ්‍යක්ෂවරයෙක් සිංහල සිනමාවට එක් විය. ඔහු ක්‍රිෂාන්ත මනම්පේරි ය. වෘත්තියෙන් ඔහු හිටපු ගුවන් හමුදා ගෲප් කපිතාන්වරයෙකි.

හිතුමතේ ජීවිතේ නළු නිළියෝ

මහේන්ද්‍ර පෙරේරා,දිනෙත් ද සිල්වා, ජයනි සේනානායක,දමිතා අබේරත්න,ජගත් චමිල,සරත් කොතලාවල,ප්‍රියංකර රත්නායක,පාලිත සිල්වා, අනුරුද්ධිකා පාදුක්කගේ,ගිහාන් ප්‍රනාන්දු, මාරියන් වෙත්තසිංහ,හංසිකා රත්නායක

නිෂ්පාදන කණ්ඩායම

කැමරා අධ්‍යක්ෂණය - නිශාන්ත ප්‍රදීප්

රේඛිය නිෂ්පාදනය - ප්‍රියංකර රත්නායක

තිරරචනය - ඉන්දික රූපසිංහ

කලා අධ්‍යක්ෂණය - රංජිත් ද සිල්වා

සංස්කරණය - රුක්මල් නිරෝෂ්

සංගීත අධයක්ෂණය - සාගර විජේසිංහ

අංග රචනය - ප්‍රියන්ත දිසානායක

විශේෂ දෘශ්‍ය ප්‍රයෝග - ජයසිංහ වීරක්කොඩි

වස්ත්‍රාභරණ - ප්‍රියා රණසිංහ

වර්ණ සංයෝජනය - ඩිලාන් ගුණවර්ධන

විධායක නිෂ්පාදනය - දුෂාන් චන්දිමාල්

නිෂ්පාදන කලමනාකරණය - විරාජ් වර්ණසූරිය

නිෂ්පාදනය - විහාරා සමරසිංහ

     

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.