ඒක පාර්ශ්වික ආදර කතාව

නිලූ මං ආදරෙයි
ජූලි 25, 2019

නිලු රූමත් නව යොවුන් තරුණියකි. ඇය අසංක නමැති පුද්ගලයෙකු සමඟ ජිවත් වෙයි. එම පුද්ගලයා ගුප්ත පාතාල චරිතයකි. කඩවසම් ඉලන්දාරියෙකු වූ රංගට නිලූ හමු වන්නේ මේ අතරතුරදීය. නිලුගේ රුව, ගමන බිමන, රංග කුල්මත් කිරීමට හේතු වෙයි. නමුත් නිලු රංගට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වයි. මෙය රංගගේ හුදකලා ඒකපාර්ශ්වික ප්‍රේමයක් බැවින් මිතුරු රජිත නිතරම රංගට අපහාස කරයි.දිනක් නොසිතු ලෙස ප්‍රතිචාර දක්වන නිලු රංග තම නිවසට කැඳවා ළෙන්ගතු සිතින් මිතුරු සත්කාර කරයි. මෙය රංගද මවිත කිරීමට හේතු වෙයි. අවසානයේ ඇය ඔහුගෙන් කරන ඉල්ලීම හේතුවෙන් රංග අන්ත අසරණ භාවයට පත්ව කුමක් කරයි ද? ඇය කෙරෙහි වු ආදරය නිසා මෙයට මැදිහත් වෙයි ද? ඇය වෙතින් නික්ම යයි ද? මේ සියල්ලට පිළිතුරු “නිලු මං ආදරෙයි” චිත්‍රපටය තුළ අන්තර්ගතය. දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය එරංග සේනාරත්න ගෙනි.

නිලූ මං ආදරෙයි සිනමාපටයේ නළු නිළියෝ

සුරේෂ් ගමගේ, රජිත හිරාන් චාමිකර,නිලුෂි පවන්‍යා, (සිනමාවට හදුන්වාදෙන)ගයාත්‍රි ඩයස්,මධුශාන් නානායක්කාර,කීර්ති කේ. රත්නායක, මන්දාකිනි කලංසුරිය,මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මලගමුව, (සිනමාවට හදුන්වාදෙන)ගයාන් මාපලගම,මනීෂා නාමල්ගම,දිනුෂා කෙලාඩ් සැනට් දික්කුඹුර,රෝහිත ඩයස් ,උපුලි තෙන්නකෝන්,මැණික් පෙරේරා,ශාන්ත ගුණවර්ධන, ප්‍රසන්න ජේකබ්,චාරිකා උදයංගනි,දිනු විජේසිංහ, සුනෙත් මැල්සිරිපුර,සුනිල් වෙස්ලි පෙරේරා,හේෂා මින්රාදි ,ජයසේකර (ළමා නිළි)

නිලූ මං ආදරෙයි කාර්මික ශිල්පීන්

කැමරා අධ්‍යක්ෂණය - ජී. නන්දසේන

කලා අධ්‍යක්ෂණය - ප්‍රසාද් වීරප්පෙරුම

අංග රචනය හා කොණ්ඩා මෝස්තර - සමීර මධු කිදෙල්පිටිය

ගිත නිර්මාණය - ප්‍රියන්ත නාවලගේ /ලස්සන ජයසේකර / සාරංග දිනේෂ්

ගේය පද රචනය - ෂෙහාන් ගලහිටියාව/උපාලි බංඩාර වීරසේකර/ මැණික් ජයසිංහ /

ගායනය - සුරේෂ් ගමගේ/ චේතනා රණසිංහ/ අයෝමි පෙරේරා / රජිත හිරාන් චාමිකර

පසුබිම් සංගීතය - ලස්සන ජයසේකර

නර්තන නිර්මාණය - සංඛ ප්‍රසාද් /රසික ප්‍රභාත් ක්‍රියාදාම මෙහෙයවීම - ටෙඩී විද්‍යාලංකාර/ සුමිත් මුදන්නායක සහාය අධ්‍යක්ෂණය - මහේෂ් ඉන්දික

නිෂ්පාදන කළමනාකරණය - රෝලන් ද සිල්වා

නිශ්චල ඡායාරූපකරණය - විජයදේව ගජරූප සංස්කරණය - අනුෂ සංජීව ජයවර්ධන

නිෂ්පාදන විධායිකා - ඩිනලි රෝෂාන්ති සේනාරත්න

නිෂ්පාදන සම්බන්ධීකරණය - ඩිලාන් ජගත්

නිශ්පාදනය - ප්‍රසන්න ගොඩකන්ද / නිශාන්ත ගල්හේන

      

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.