මිතුරන් තිදෙනෙකුට මැදි වූ මියගිය නිළිය හුස්ම

අගෝස්තු 1, 2019

 

තාරුකා විජේසිංහ නම් රූමත් රංගන ශිල්පිනිය හදිසි අනතුරකින් මියගොස්ය. ඇගේ නිසල සිරුර රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. ඇයගේ මරණ පරීක්ෂණය පසුදා උදෑසන සිදු කිරීමට නියමිතව ඇත. එහි සේවය කරන කුමාර නම් තරුණයා ඔහුගේ මිතුරන් දෙදෙනෙකුට නිළියගේ සිරුර බැලීමට එන ලෙස පවසයි. කුමාරගේ මිතුරන් වන රුවන් හා නාමල් රෝහලට පැමිණ රංගන ශිල්පිනියගේ සිරුර වසා ඇති රෙදි කැබැල්ල ඉවත් කර නිරුවත් සිරුර දෙස ආසාවෙන් බලා සිටී. මේ අතර රුවන් සිරුර ස්පර්ශ කරයි. නාමල් එයට අකමැති වේ. පසුව රුවන් එම නිළියගේ සිරුර සමඟ සංසර්ගයේ යෙදීමට සූදානම් වේ. නාමල් කර කියාගත නොහැකිව අසරණ වේ. රුවන් සංසර්ගයේ යෙදී අවසන් වූ පසුව අවස්ථාව එළිඹෙන්නේ කුමාර වෙතය. ඒ අතරතුර රංගන ශිල්පිනිය දෑස් හැර ඔහු දෙස බලා සිටී. කුමාර බියට පත් වී කෑගසයි. ඇය දෑස් විවර කළ ද අතපය වාරු නැත. කතා කිරීමට ද අපහසුය.

නාමල් ඇය වෛද්‍යවරයකු වෙත ගෙන යාමට සූදානම් වේ. රුවන් එයට විරුද්ධ වේ. එසේ වුවහොත් ඔවුන් ඇයට කළ දේ වෙනුවෙන් දඬුවම් විඳීමට සිදුවන අයුරු රුවන් නාමල්හට පෙන්වා දේ. තාරුකා මෙම සිදුවීම කිසිවෙකුට නොපවසන බවට මුමුණමින් පොරොන්දු දේ. නමුත් රුවන් එය පිළිනොගනී. නාමල් ඇය රැගෙන යාමට උත්සහ කරන අතරතුර නාමල් හා රුවන් අතර බහින්බස් වීමෙන් පසු රුවන්ගේ පහරදීමෙන් නාමල් මරණයට පත් වේ.

නාමල්ගේ මරණය ගැන දුකට පත් වුවත් රුවන්ගේ උත්සාහය තාරකා මරා දැමීමයි. මේ අතර කිහිපවිටක්ම තාරුකා රුවන්ගේ ග්‍රහණයෙන් මිදී පළා යාමට උත්සාහ කළ ද එම උත්සාහයන් ව්‍යර්ථ වේ. අනතුරුව රුවන් සහ කුමාර එක්ව ඇයගේ ගෙල සිරකර මරා දමයි. නාමල්ගේ සිරුර ද සඟවා ඔවුන් මෘත ශරිරාගාරයෙන් පිටව යයි. ඒ අතරතුර තම මුදල් පසුම්බිය වැටී ඇති බව දැනගත් රුවන් යළි මෘත ශරීරාගාරයට පැමිණෙන විටදී දකින දෙයින් පුදුමයට පත්වේ. සුදේශ් වසන්ත පීරිස් මෙතෙක් කළ සිනමා ශෛලියෙන් වෙනස්ව නිර්මාණය කළ හුස්ම සිනමාපටයේ කතාව ගලා යන්නේ මෙසේය.

 

හුස්ම චිත්‍රපටයේ නළු නිළියන්

දසුන් පතිරණ

පුබුදු චතුරංග

ඉසුරු ලොකුහෙට්ටිආරච්චි

චමත්කා ලක්මිණි

අංජන ප්‍රේමරත්න

මහින්ද ඉහලගම

 

කාර්මික ශිල්පීන්

කථාව/දෙබස්/තිරරචනය හා අධ්‍යක්ෂණය - සුදේශ් වසන්ත පීරිස්

නිෂ්පාදනය - නිහාල් විජේසිංහ

කැමරා අධ්‍යක්ෂණය - ගාමිණි මොරගොල්ලාගම

සහය අධ්‍යක්ෂණය හා කලා අධ්‍යක්ෂණය - සරත් සමරවික්‍රම

සංස්කරණය - අනුර බණ්ඩාර

සංගීත අධ්‍යක්ෂණය - කේෂාන් පෙරේරා

වේශ නිරූපණය - තාරක අධිකාරි

නිෂ්පාදන අධිකාරී - තුෂානි වීරක්කොඩි

ගීත ගායනය - උරේෂා රවිහාරි

ගීත රචනය - බන්දුල නානායක්කාරවසම්

ශබ්ද සැලසුම් - සසික රුවන් මාරසිංහ

වර්ණ සංකලනය - ආනන්ද බණ්ඩාර

ඇඳුම් නිර්මාණය - ප්‍රභාත් හේමන්ත

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.