විෂමභාගට පිලිපීනයෙන් සම්මාන හතරක්

ජැක්සන්-ලලිත්-පාලිතටත් සම්මාන
අගෝස්තු 8, 2019

පිලිපීනයේ මැනිලා නුවර ආසියානු සිනමා සම්මාන උලෙළේ සම්මාන හතරක් දිනා ගැනීමට ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ විෂමභාග සිනමාපටයට හැකියාව ලැබිණ. හොඳම සහාය නළුවා, හොඳම කැමරා අධ්‍යක්ෂණය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම චිත්‍රපටය යන සම්මාන මෙහිදී එම සිනමාපටයට හිමි විය. හොඳම සහය නළුවා ලෙස ජැක්සන් ඇන්තනි, හොඳම කැමරා අධ්‍යක්ෂණය ලෙස පාලිත පෙරේරා, හොඳම අධ්‍යක්ෂ ලෙස ලලිත් රත්නායක මෙහිදී සම්මානයට පාත්‍ර විය. අධ්‍යක්ෂවරයාගේ කුලුඳුල් සිනමාපටය වන මෙහි ජැක්සන් ඇන්තනි, හේමසිරි ලියනගේ, කෞශල්‍යා ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරිකුමාර, තිලක්ෂිණි රත්නායක, මන්සිලු වික්‍රමරත්න සහ පංකජ වික්‍රමරත්න ඇතුළු පිරිස රංගනයේ යෙදෙති. විෂමභාග අලුදෙණියේ සුබෝධි හිමියන්ගේ නිෂ්පාදනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.