තුහින මල් වැඩ අරඹයි

අගෝස්තු 8, 2019

 ශානක එස්. ජයසේකර අධ්‍යක්ෂණය කරන ‘තුහින මල්’ මත් රකුසාට බිලි වූ එක්තරා ගම්මානයක් කේන්ද්‍ර කර ගනිමින් තිර රචනය කරන ලද සිනමාපටයකි. එම ගම්මානය මත් උවදුරින් බේරා ගැනීමට වෙහෙසෙන ළමයින් සමූහයකගේ උත්සාහය පෙරටු කර ගනිමින් නිර්මාණය වන සිනමාපටය මේ දිනවල කුරුණෑගල කේන්ද්‍ර කර ගනිමින් රූපගත කිරීම් ආරම්භ කොට ඇත.

සමන් ගුණවර්ධන, බිංදු බෝතලේගම, රංජිත් පීරිස්, ගාමිණී මෙන්ඩිස් රංගනයෙන් දායක වෙති. විශ්වභානු, සයිනි නෙත්මී, චමුදි රස්මිලා, නෙලාරා පුන්සරා සිනමාවට හඳුන්වා දෙන ළමා නළු නිළියන්ය. තිර රචනය, අධ්‍යක්ෂණය ශානක එස්. ජයසේකර, සහාය අධ්‍යක්ෂණය අයේෂ් සංජය සහ ජුඩි කැලුම්, ශබ්ද පරිපාලන හා කැමරාකරණය අශාන් මධුශංඛ, නිෂ්පාදනය ඒ. පී. අනුර අලහපෙරුම සහ එච්. එම්. සෝමරත්නගෙනි. ගායනයෙන් ජනිත් ඉද්දමල්්ගොඩ ද, නිෂ්පාදන කළමනාකරණයෙන් ප්‍රනිත් දිල්ශාන් තුහින මල් සිනමාපටයට දායක වේ.  

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.