හොඳම ගොවියා තේරීමේ මහා තරඟය

අමුඩ රජා
අගෝස්තු 15, 2019

සුන්දර ඈපා නම් දේශපාලනඥයෙකි. ඔහු කෘෂිකර්මාන්තය භාර අමාත්‍යවරයාය. සජීවි දේශපාලන සංවාදයකදී නිවේදක යොමු කරන ප්‍රශ්න හමුවේ ඔහු ඉතා අසරණ තත්ත්වයකට පත්ව කෘෂිකර්මාන්තය නඟා සිටුවීම වෙනුවෙන් ජනතාවට පොරොන්දු රැසක් ලබා දේ. ඉන් එක් පොරොන්දුවක් වන්නේ හොඳම ගොවියා තෝරා රුපියල් කෝටියක ත්‍යාගයක් ලබා දෙන බව පැවසීමයි. අනෙක් පොරොන්දුව වන්නේ එම කෝටියේ ජයග්‍රාහකයාට තම එකම දියණිය විවාහ කරදෙන බවයි. වැඩසටහන විකාශය වීමෙන් අනතුරුව ජනතාව අතර විශාල ප්‍රමෝදයක් ඇති වේ. ග්‍රාමීය තරුණයන් මෙන්ම නාගරික තරුණයන්ද අමුඩයෙන් සැරසී කුඹුරුවලට බැස ඇමැති බෑනා කෙනෙකු වීමේ සිහිනය සැබෑ කර ගැනීමට කුඹුරු කොටන්නට පටන් ගනී. කඹුරුපිටියේ ගොවි රජා ලෙසින් විරුදාවලි ලද රන් බණ්ඩාගේ පුත් මුතු බණ්ඩා ද ඇමති දියණිය විවාහ කරගැනීමේ අභිලාශයෙන් උදැල්ල අතට ගනී.

අමාත්‍යවරයා විසින් තම ලේකම්තුමාද ඇතුළුව සිව් දෙනෙකුගෙන් සමන්විත විනිශ්චය මඩුල්ලක් පත්කොට හොඳම ගොවියා තෝරාගෙන ඒමට පිටත් කර හරී. ඔවුන් රට පුරා යමින් විනිශ්චය සිදුකරයි. අමාත්‍යවරයාගේ නියෝගය මත ඔවුන්ට තරඟය විනිශ්චය කිරීමට යෑමට සිදුවන්නේද අමුඩයෙන් සැරසීගෙනය. මෙහි අවසානය කුමක් සිදුවේවිද? අමුඩ රජා ලෙස කවුරු සුදුසුකම් ලබයි ද? ගයාන් මහගලගේ විසින් තිරරචනා කොට අධ්‍යක‍්ෂණය කළ අමුඩ රජා සිනමාපටයේ කතා සාරාංශය මෙසේය. මෙය අධ්‍යක්ෂවරයාගේ කුලුඳුල් සිනමා නිර්මාණයයි.

අමුඩ රජා නළු නිළියෝ

ගිහාන් ප්‍රනාන්දු,මහින්ද පතිරගේ,නන්දන හෙට්ටිආරච්චි, මදුෂාන් නානායක්කාර,ලක‍්ෂ්මන් අමරසේකර,ඩී.බී. ගංගොඩතැන්න ,උපතිස්ස බාලසූරිය,චරිත් සේනානායක,ජයතිලක, හේරත්,ලක‍්ෂිකා ජයවර්ධන,සමුද්‍රා හික්කඩුව,කුමුදුනී අධිකාරි,දයාසිරි හෙට්ටිආරච්චි,ඉන්දික දේශප්‍රිය,පියතිලක, අතපත්තු සුනෙත්,මැල්සිරිපුර, ටෂීන්, මධුක විජේසිංහ (ළමා නළු), රුමලි ගමගේ (හඳුන්වා දෙන)

නිෂ්පාදන කණ්ඩායම

කැමරාකරණය - ජී. නන්දසේන

සංස්කරණය - අනූෂ සංජීව ජයවර්ධන

වේෂ නිරූපණය - සමීර මධුකිඳෙල්පිටිය

කලා අධ්‍යක‍ෂණය - සුසාර සම්පත්

සංගීත අධ්‍යක‍ෂණය - චමින්ද ඩයස්

සහය අධ්‍යක‍ෂණය - මහේෂ් ඉන්දික

විධායක නිෂ්පාදනය - ප්‍රියන්ත සිල්වා / ගයත්‍රි සුබෝධිනී

නිෂ්පාදන කළමණාකරණය - ප්‍රදීප් ඇල්පිටිය / සිරිල් මුණසිංහ

දර්ශන තල සම්බන්ධීකරණය - ජයන්ත මාරසිංහ

ගී පදරචනය - සංජය නුවන් හේනාධීර

නිශ්චල ඡායාරූපකරණය - විරාජ් හේමන්ත

       

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.