ඔවුන්ගේ නොවන ඔවුන්ගේ ගමන

සූස්ති
අගෝස්තු 29, 2019

ඇයට නිශ්චිත අරමුණක් නැත. තාරුණ්‍යයට එළඹීමත් සමඟ නිතැතින්ම හිමි වන සාම්ප්‍රදායික ප්‍රශ්නවලින් ඇය හෙම්බත් වී සිටින්නීය. ඒවාට පිළිතුරු සෙවීමෙන් ඵලක් නොමැති වග ඇයට දැනෙයි. ඇය නිවැසියන් අතහැර ගමනක් අරඹන්නේ එහෙයිනි. අතරමඟදී ඇයට තරුණයකු මුණගැසේ. දෙදෙනාම එකම මඟක බව හැඟෙයි. ඒ සිතුවිලි ඔවුන්ගේ දුරස්ථභාවය බිඳීයි. දෙදෙනාම සමීපව වෙනම ගමනක් අරඹති. ඒ චාරිකාව අතරතුරදී තරුණයා තරුණියට නමක් තබයි. සූසා යනුවෙන් හඳුන්වමින් තරුණයා ඇයට තවත් ළෙංගතුවෙයි. ඔවුන්ගේ ගැළපීම් නොගැළපීම් හඳුනාගන්නේද ගමන අතරතුරදීය. කුෂාන් වීරරත්න සිනමාවට ගෙනෙන කතාව එය යි. එයට ඔහු තබා ඇති නමද අමුතු එකකි. ඒ සූස්තිය. සූස්ති සිනමාපටය අධ්‍යක්ෂවරයාගේ කුලුඳුල් සිනමාපටය යි.

සූස්ති නළු නිළියෝ

කළණ ගුණසේකර, සමනලී ෆොන්සේකා,ඩබ්ලිව්.

ජයසිරි,මොරීන් චාරුණී,ඩිස්නි රාජපක්ෂ

නිෂ්පාදන පිරිවර

අධ්‍යක්ෂණය - කුෂාන් වීරරත්න

නිෂ්පාදනය - යූ. ඒ. පල්ලියගුරු

රචනය - කලණ ගුණසේකර

කැමරා අධ්‍යක්ෂක - චින්තක සෝමකීර්ති

සංස්කරණය සහ සහය අධ්‍යක්ෂණය - චිමන්ත මහානාම

සංගීත අධ්‍යක්ෂණය සහ ශබ්ද පරිපාලනය - ආශා රාජපක්ෂ

වර්ණ සංයෝජනය - යශෝධ ධනූපම

වේශ නිරූපණය - මනනුවන් රූපසිංහ

නිෂ්පාදන කලමනාකරණය - සචිත් ෆොන්සේකා

විශේෂ දෘශ්්‍ය ප්‍රයෝග - නිරෝධ වෙරංග

ග්‍රැෆික් - දුමින්ද කළුආරච්චි

         

Add new comment