ප්‍රභූ ගිණුමකට රිංගා ඉරණම විසඳා ගත් තිදෙනෙක්

සැප්තැම්බර් 19, 2019

පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වූ මයික් සාමාන්‍ය පන්තියක තරුණයෙකි. ඔහුගේ මවුපියන් තම පුතණුවන්ගේ අනාගතය ගැන කම්පාවට පත් වනුයේ නිශ්චිත අරමුණක් නැතිව ඔහු ජීවිතය ගෙවන බැවිනි. මයික් මිතුරු මිතුරියන් සොයා ගන්නේද අන්තර්ජාලයෙනි. ඔවුන් ද මයික්ට දෙවැනි නැත. පරිගණක ක්‍රීඩාවලින් පරිබාහිරව ලොවක් නැති ගානට කාලය ගත කරයි. අකාලයේ විනාශ වන තරුණ ජීවිතයකට ළං වූ තවත් දෙදෙනෙකි. ඒ ශානා සහ චලාය. මයික් හමු වූ තැන ඔවුන් කතා කරනුයේ පරිගණක ක්‍රීඩා ගැනය. එවදන් අතරින් ඉස්මතු වන තවත් කාරණයකි. මිතුරන් තිදෙනා රාජ්‍ය නායකයාගේ මුහුණු පොතේ ගිණුමට අනවසරයෙන් ඇතුළුවීමට සැලසුමක් සකස් කරති. එහි බරපතළකම ඔවුනට වැටහෙන්නේ නැත. එය හුදෙක්ම ප්‍රාථමික කාර්යයක් ලෙස තිදෙනා සිතති. අවසනදී ඔවුහු රාජ්‍ය නායකයාගේ මුහුණු පොත ආක්‍රමණය කරති. නීතියේ රැහැණ ඔවුන් වටා ගැට ගැසෙන්නට පටන් ගනියි. සෙල්ලම පටන් ගනියි. සිදුවන්නේ කුමක්ද, මයික්, ශානා සහ චලාගේ ඉරණම කොයි අතට ලියවෙයිද. THE GAME සෙල්ලම සිනමාපටය ගලා යන්නේ ඔවුනගේ ජීවිතයේ තීන්දුව ලබා දෙමිනි. බුද්ධි සංජය වීරසිංහ අධ්‍යක්ෂණය කළ THE GAME සෙල්ලම ඔහුගේ කුලුඳුල් සිනමාපටයයි. සුදර්ශනි බණ්ඩාර එය නිෂ්පාදනය කොට තිබේ. මුලින්ද බණ්ඩාරගේ තිර රචනයකි.

THE GAME සෙල්ලම සිනමාපටයේ නළු නිළියෝ:

දමයන්ති ෆොන්සේකා, මාධිනි මල්වත්තගේ, සරත් කුලාංග, ජෙහාන් අප්පුහාමි, මුලින්ද බණ්ඩාර, මනෝජා ප්‍රනාන්දු, අයේෂා එදිරිසිංහ, සුදර්ශි ගැලනිගම, රොහාන් රණතුංග, මංජුල කෝනාර, විමුක්ති බණ්ඩාර, විමුක්ති නිලංක, ගයාත්‍ර නිදුෂාන්, මධුමාලක, නිමාලි දිල්ෂානි, අරවින්ද බණ්ඩාර.

 

THE GAME සෙල්ලම නිෂ්පාදන පිරිවර

කැමරා අධ්‍යක්ෂණය – චානක සංජීව සහ නලින් ඒකනායක

සංස්කරණය – කසුන් මාධව

කලා අධ්‍යක්ෂණය - සරත්චන්ද්‍ර රණවීර

අංග රචනය – රමේෂ් මතඟවීර

සංගීත අධ්‍යක්ෂණය – අමිත් ගුරුලවෙල

පද රචනය - ෂෙහාන් ගලහිටියාව

ගායනය – නිතින් ගුණරත්න සහ කල්පනා කාවින්දි

නිෂ්පාදන කළමනාකරණය – දුමින්ද පෙරේරා

ඇඳුම් නිර්මාණය – රන්දික ද සිල්වා

කොණ්ඩා මෝස්තර – දිනුක පෙරේරා

ශබ්ද පරිපාලනය – ලාල් දිසානායක

සහාය අධ්‍යක්ෂණය - ශෂිකා හේරත්

නිශ්චල ඡායාරූප - වෙනුක ප්‍රනාන්දු

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.