20 දා හුස්ම ගනී

ප්‍රබල සිනමා අත්දැකීමක්
සැප්තැම්බර් 19, 2019

 

සුදේශ් වසන්ත පීරිස් මෙතෙක් නිර්මාණය කළ සිනමා ශෛලියෙන් බැහැරව තැනූ හුස්ම සිනමාපටය මෙම මස 20 වැනිදා සිට තිරයට පැමිණීමට නියමිතය. ඒ රිත්මා මණ්ඩලයේ සිනමා ශාලාවන්හිදීය. මෙරට නවතම සිනමා අත්දැකීමක් වන හුස්ම සිනමාපටය දිග හැරෙනුයේ තාරුකා විජේසිංහ නමැති මියගිය නිළියක වටාය.

දසුන් පතිරණ, පුබුදු චතුරංග, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, චමත්කා ලක්මිණි, අංජන ප්‍රේමරත්න සහ මහින්ද ඉහළගම මෙම සිනමා සිතුවමේ නළු නිළියෝය.

කතාව, දෙබස්, තිර රචනය සුදේ්ශ් වසන්ත පීරිස්ගෙනි. ගාමිණී මොරගොල්ලාගම කැමරා අධ්‍යක්ෂවරයාය. සහාය අධ්‍යක්ෂණය සහ කලා අධ්‍යයක්ෂණය සරත් සමරවික්‍රමගෙනි. තාරක අධිකාරි අංග රචනයෙන් ද, අනුර බණ්ඩාර සංස්කරණයෙන්ද, තුෂානි වීරක්කොඩි නිෂ්පාදන අධිකාරි වශයෙන් ද මෙයට දායක විය. ආනන්ද බණ්ඩාරගේ වර්ණ සංකලනයකි. කේෂාන් පෙරේරා සංගීත නිමැවුමෙන් එක් විය. බන්දුල නානායක්කාරගේ ගී පද රචනයෙන් ද හුස්ම සඳහා එකතු විය. සසික රුවන් මාරසිංහගේ ශබ්ද සැලසුම්කරණයකි. හුස්ම නිහාල් විජේසිංහගේ නිෂ්පාදනයකි.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.