අනාගතය අයිති සිනමාකරුවකුගේ ආගමනය

සැප්තැම්බර් 26, 2019

රශාන් අතින් විසඳෙන රශාන්තගේ ඉරණම

රෂ්

අධ්‍යක්ෂණය මහේෂ් මුණසිංහ

සමාන නම් ඇති අඹ යහළුවන් දෙදෙනෙකි. එක් අයකු රෂාන්ය. අනෙක් කෙනා රෂාන්තය.රෂාන් සහ රෂාන්ත එකම විශ්ව විද්‍යාලයක උසස් අධ්‍යාපනය හදාරති. රෂාන්ගේ නම කෙටි කොට මිතුරන් සියල්ල ඔහුට අමතන්නේ රෂ් නමිනි. රෂාන්ත ඉබේම ෂාන් බවට පත් විය. රෂ් සහ ෂාන් විටෙක සහෝදරයින් වැනිය. මුදල් යහමින් ඇති කීර්තිමත් ව්‍යාපාරිකයකු වූ සුනිල් විජේමාන්න රෂ්ගේ පියාය. ෂාන්ට එතරම් වත් පොහොසත්කම ඇත්තෙකු නොවේ. එහෙයින් රෂ්, ෂාන්ට නිතර නිතර උදවු පදවු කරයි. සංගීතයට උපන් හපන් ෂාන්ට සංගීත ශිෂ්‍යත්වයක් සඳහා පැවැත්වෙන සංගීත පරීක්ෂණයක් වෙනුවෙන් නුවර යන්නට සිදු වෙයි. රෂ් තම සෙසු සගයන් ද සමඟ එයට එක් වෙති. එහිදී රෂ්ට පූජා නමැති සුරූපී තරුණියක මුණ ගැසෙයි. එහෙත් එම හමු වීම තත්ත්පර ගණනකට සීමා වෙයි. තමනට අවශ්‍ය දේ කෙසේ හෝ ලබා ගන්නා කෙනෙකු වන රෂ් පහුවදා ෂාන් ඇතුළු පිරිස සංගීත පරීක්ෂණය සඳහා පිටත්ව යද්දී රෂ් ඇය සොයා යයි. පරීක්ෂණයට යන අතරතුරදී ෂාන්ට අනතුරකට පත් වූ තරුණියක මුණ ගැසෙයි. ඒ පූජාය. සංගීත පරීක්ෂණය අතරමඟ නවතා දමා ෂාන් පූජාව රෝහල් ගතකොට ජීවිතය බේරා ගැනීමට තමන්ගේ රුධිරය ද පරිත්‍යාග කරයි. රෂ් මේ කිසිවක් දන්නේ නැත. සියල්ල බලාපොරොත්තු අතැර ගනිමින් හෙතෙම කොළඹ එයි.පූජාට ෂාන්ට කතා කිරීමට අවශ්‍ය වෙයි. ඇය ලබාදෙන දුරකතනයට අමතන්නේ රෂ්ය. නුවර ගමනේදී ෂාන්ගේ දුරකතනය අස්ථානගත වූ බැවින් රෝහලට ෂාන් ලබා දී ඇත්තේ රෂ්ගේ දුරකතන අංකයයි. පූජා ෂාන්ව බැලීමට කොළඹ පැමිණීමට අපේක්ෂා කරයි. රෂ් සහ ෂාන් ඇයව කැටුව ඒමට දුම්රියපොළට යයි. අතරමගදී ෂාන්ට ආපසු එන්නට සිදු වන්නේ පියාගේ අසනීපය හේතුවෙනි. රෂ් තනිවම දුම්රියපොළට එයි. එහිදී රෂ් පුදුමයට පත් වන්නේ ෂාන් හමුවීමට එන යුවතිය දුටු විටය. හොඳින් හෝ නරකින් ජයගන්නා රෂ් එතැන් පටන් හැසිරෙන්නේ කෙසේද?රෂ් සිනමාපටය ගෙන එන්නේ එයයි. මහේෂ් මුණසිංහ රෂ් සිනමාපටයේ අධ්‍යක්ෂවරයාය. එය ඔහුගේ කුලුඳුල් සිනමාපටයයි.

රෂ් ප්‍රධාන නළු නිළියන්:

උද්දික පේ‍්‍රමරත්න, අසංකි ද සිල්වා, සාරංග දිසාසේකර, සනත් ගුණතිලක, ලකී ඩයස්, අනුලා කරුණාතිලක, යුරේනි නොෂිකා, ජනිත් වික්‍රමගේ, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, හර්ෂ තෙන්නකෝන්, ජනිත් ඉරෝෂන්, ශ්‍රිමාලි ෆොන්සේකා, අජිත් වීරසිංහ, සුජීවා ඩයස්, ඔස්ටින් සමරවික්‍රම, රුවී ලක්මාලි, ටෙක්ලා කුමුදු කුමාරි, ප්‍රේමා පතිරාජ, මයික් ප්‍රනාන්දු, පොෂිනි දිසානායක, දුමින්ද දන්තනාරායන,ශෂි ඇන්ජලීනා, නුවන් කළුආරච්චි, ආර්. ඩී. විරාජ් මධුෂාන්, සෙනදි වික්‍රමාරච්චි

දෙවන සහය අධ්‍යක්ෂණය – නිරෝෂන් එදිරිමාන්න

තෙවන සහය අධ්‍යක්ෂණය – ඉෂාන් රන්දෙව් බණ්ඩාර

මහජන සබඳතා පරිපාලනය – දුලන්ජලී ගලහිටියාව

සමාජ ජාල හා ප්‍රචාරක සේවා - එම්. හමීස් මෝහිදීන්

නිශ්චල ඡායාරූප - සන්දේෂ් බණ්ඩාර, භාග්‍ය දිසානායක

නැටුම් අධ්‍යක්ෂණය - කේ. පී ට්වින්ස්, සාරා අබේවර්ධන

සටන් අධ්‍යක්ෂණය - සමන් බණ්ඩාර

සහාය අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් ජයන්ත

පරිගණක සජීවිකරණය - රෝෂණ දෙල්වල

වර්ණ සංයෝජනය – මාලක වීරක්කොඩි

වේෂ නිරූපණය – ප්‍රියන්ත දිසානායක

ඇඳුම් නිර්මාණය – ජනක උල්ලන්දුපිටිය

ශබ්ද පරිපාලනය - ශෂික රුවන් මාරසිංහ

ශබ්ද පරිපාලන සංස්කරණය - බේලන් ෆොන්සේකා

කලා අධ්‍යක්ෂණය – මංජුල අයගම

ගීත රචනය – නිලාර් එන්. කාසීම්, කැලුම් ශ්‍රීමාල්

සංගීත අධ්‍යක්ෂණය – එරංග ජයවර්ධන

දෙබස් - අමිල තේනුවර

තිර පිටපත – කැලුම් කුලරත්න

සංස්කරණය - රොෂාන් එඩ්වඩ්

කැමරා අධ්‍යක්ෂණය – රංගන එස්. බණ්ඩාර

නිෂ්පාදනය – වසන්ත විජේන්ද්‍ර ඛ්එ ධ්ථචඨඥ ජ්චජබධපර වෙනුවෙන් සහ අඋර් ර්ධබඪධද ර්‍ථඪජබභපඥඵ පුද්ගලික සමාගම

අධ්‍යක්ෂණය – මහේෂ් මුණසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.