ගාඩි බූසාන් උලෙළෙන් ලොව පුරා ප්‍රදර්ශනයට

ප්‍රසන්න විතානගේ ගේ නවතම සිනමා නිර්මාණය
සැප්තැම්බර් 19, 2019

 

රවීන්ද්‍ර, සජිත විශිෂ්ට රංගනයක

 

මහනුවර යුගයේ අවසාන දෙවසර පාදක කරගෙන ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ ගාඩි චිත්‍රපටයේ අන්තර් ජාතික මංගල දැක්ම ඔක්තෝබර් 3 වැනිදා සිට ඇරැඹෙන දකුණු කොරියාවේ බූසාන් සිනමා උලෙළේදී පැවැත් වෙනු ඇත. ආසියාවේ විශාලතම සිනමා උලෙළ වන එහි මෙවර රටවල් 85 ක චිත්‍රපට තුන් සියයක් තිරගතවීමට නියමිතය.

රවින්ද්‍ර රන්දෙණිය හා සජිත අනුත්තර ප්‍රබල රංගනයකට දායක වන මෙම චිත්‍රපටයේ අයිරාංගනී සේරසිංහ, ශ්‍යාමි ප්‍රනාන්දු, කලණ ගුණසේකර, දමයන්ති ෆොන්සේකා, ආනන්ද කුමාර උන්නැහේ, නෙතලි නානායක්කාර, මර්වින් කෘති, තුසිත ලක්නාත්, රංග බුද්ධි, ඩිස්නි රාජපක්ෂ ඇතුළු නළු නිළියන් රැසක් චරිත මවති.

ඉන්දීය ශ්‍රී ලංකා හවුල් නිෂ්පාදනයක් වන මේ සඳහා ෆිල්ම් අයිලන්ඩ්, එච්. ඩී. ප්‍රේමසිරි, ප්‍රසන්න විතානගේ ප්‍රඩක්ෂන් සහ ජා පික්චර්ස් නිෂ්පාදනයෙන් දයාක වී තිබේ. බුසාන් චිත්‍රපට උලෙළේ මංගල දැක්මෙන් පසු ලොව පුරා අන්තර්ජාතික චිත්‍රපට උලෙළවලින් ප්‍රදර්ශනයට ඇරැයුම් ලබා ඇති ගාඩි චිත්‍රපටය ළඟදීම මෙරටදී තිරගතවීමට නියමිතය.

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.