රෂ්

15 වැනිදා එයි
ඔක්තෝබර් 10, 2019

 

මහේෂ් මුණසිංහ අධ්‍යක්ෂණය කළ දැවැන්ත සිනමා කෘතියක් වූ රෂ් මෙම මස 15 වැනිදා සිට තිරයට පැමිණීමට නියමිතය. සාමානකම් ඇති අඹ යහළුවන් දෙදෙනකුගේ ආදර අන්දරයක් රැගත් මෙම සිනමාපටය සමඟින් නවක තාරකාවක් සිනමාවට හඳුන්වාදීමට නියමිතය. ඇය අසංකි ද සිල්වා වේ. උද්දික ප්‍රේමරත්න රෂ් ලෙසින් රඟන මෙහි සෙසු ප්‍රධාන චරිත සනත් ගුණතිලක, ලකී ඩයස්, සාරංග දිසාසේකර, අනුලා කරුණාතිලක, යුරේනි නොෂිකා, ජනිත් වික්‍රමගේ, ඉසුරු ලොකුහෙට්ටි ආරච්චි, හර්ෂ තෙන්නකෝන්, ශ්‍රීමාලි ෆොන්සේකා, අජිත් වීරසිංහ ඇතුළු පිරිස රංගනයේ යෙදෙති. රෂි සිනමාපටයේ තිර රචනය සිනමා නළු කැලුම් ආර්යන් කුලරත්නගෙනි. වසන්ත විජේන්ද්‍ර මෙහි නිෂ්පාදකවරයාය.

Add new comment