‘හතර’ ඉදිරියට ගෙන

චතුර ‘හතර වරම්’ අරඹයි
ඔක්තෝබර් 10, 2019

 

අප සිනමාවේ රැඳී සිටි ජනප්‍රියතම සිනමා නළුවකු වු එල්. එම්. පෙරේරාගේ වැඩිමල් පුතු චතුර පෙරේරා සිනමා අධ්‍යක්ෂණයට පිවිස සිටියි. පියා මෙන්ම ඔහු ද පළමුවරට අධ්‍යක්ෂණය කොට ඇත්තේ හාස්‍යෝත්පාදක සිනමාපටයකි. චතුර හාස්‍යෝත්පාදක නළුවකු වශයෙන් ද ප්‍රකට අයෙකි. එල්. එම්. චිත්‍රපට හතරක් අධ්‍යක්ෂණය කොට ඇති අතර ඒවා හි නම් ආරම්භ වී තිබුණේ හතර යන වචනයෙනි. හතර ඉලක්කම එල්. එම්. ට වාසනාව ගෙන එන ඉලක්කමක් හැටියට සැලකීම එයට හේතුවයි. හතර මහ නිධානය, හතර වටේ, හතර පෙරළිය සහ හතර කේන්දරේ එම සිනමාපට වේ. එල්. එම්. පුතු චතුර ද තම කුලුඳුල් සිනමාපටයට නම තබා ඇත්තේ හතර වරම් යනුවෙනි. ගමක වෙසෙන ජිනා නමැති කපටි කෛරාටික චරිතයක් වටා ගෙතී ඇති කතා පුවතකින් සමන්විත මෙහි ජිනා ලෙස චතුර පෙරේරා රංගනයේ යෙදෙයි. පුබුදු චතුරංග, කුමාර තිරිමාදුර, බන්දුල විජේවීර, තක්ෂිලා සෙව්වන්දි, රජිත හිරාන්, නන්දන හෙට්ටිආරච්චි, ඩී. බී. ගංගොඩතැන්න, සමදරා ආරියවංශ, දිල්කි මිහිරාජි, ප්‍රීති විජේසිංහ, ටෙඩී විද්‍යාලංකාර, අසංක පෙරේරා, අනිල් ජයසිංහ, රවීන්ද්‍ර ප්‍රදීප්, නිශානි තෙන්නකෝන් ඇතුළු පිරිස මෙහි නළු නිළියෝය.

සුජිත් නිශාන්ත (ෂැගී) කැමරා අධ්‍යක්ෂවරයාය. උභය දිසානායකගේ අංග රචනයකි. අජිත් ප්‍රනාන්දු නිෂ්පාදන කළමනාකරුය. සමීර මධුශාන් සහ කුමාරි දිසානායක සහාය අධ්‍යක්ෂවරුන්ය. ලාල් දේවරත්න්ගේ නැටුම් අධ්‍යක්ෂණයකි. ජෝර්ජ් සේනානායක සංගීත අධ්‍යක්ෂණයෙන් ද, තනුස්ක කහඳවල සංස්කරණයෙන් ද, සුරේෂ් කුමාරසිංහ සම අධ්‍යක්ෂණයෙන් ද මෙයට එක්ව තිබේ. හතර වරම් සුමන දීප්ත ගුණරත්නගේ නිෂ්පාදනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.