අසම්මත තරුණියකගෙ සම්මත අරමුණ

ඊතලය
ඔක්තෝබර් 17, 2019

සුරූපී තරුණියක වූ අයන්ති විවිධ පර්යේෂණයන් හි නියැළෙන අසම්මත තරුණියකි. ඇය සම්ප්‍රදායන් පසෙකලා තමන්ට අවැසි පරිදි රිසි සේ ජීවිතය ගෙවයි. කැනඩාවේ පදිංචිකාරිනියකි. හදිසියේම මෙරටට ඇය එන්නේ ඇගේ තවත් පර්යේෂණ කටයුත්තක් සඳහාය. එහිදී අයන්තිට තරුණයකු මුණ ගැසෙයි. ඔහු සුරාජ්ය. ඉහළ ශ්‍රේණියේ විධායක නිලධාරියකු වූ හෙතෙම විවාහකයෙකි. සුරාජ්ගේ බිරියගේ පියා දේශපාලනඥයෙකි. අයන්ති ක්‍රමයෙන් සුරාජ්ට ළං වෙන්නේ මේ සියලු දේ දැනගෙනය. ඔහු සිතන්නේ අයන්ති තමන් හමුවට එන්නේ සැබෑ ආදරයක් රැගෙන බවයි. ඒ ආදරය දුර දිග ගිය තැන සුරාජ් සහ අයන්තිට දරුවකු ද ලැබෙයි. මේ සිදුවීම අතරේ අයන්ති සිය අරමුණට ගමන් කරයි. ඇයට අවශ්‍ය සුරාජ්ගේ මාමණ්ඩිය වූ දේශපාලන චරිතයට ළං වීමටය. ඒ හරහා රටම කලඹන ක්‍රියාදාමයක නිරතවීමය. එය කොතෙක් දුරට සාර්ථක වීද. නාලක විතානගේ තිර රචනා කොට අධ්‍යක්ෂණය කළ ඊතලය සිනමාපටය හි කතා සාරාංශය එසේය. අනිත්‍යා, රූපාන්තරණ, නිලංජනා, සරුංගල් නාලක මීට ප්‍රථම නිර්මාණය කළ සිනමාපට වේ.

 

ඊතලය රංගනයෙන් හැඩ කරන්නෝ:

රෙක්ස් කොඩිප්පිලි, ශ්‍යාම් ප්‍රනාන්දු, ගයත්‍රි ඩයස්, කැලුම් ආර්යන් කුලරත්න, ශෙහානි පෙරේරා, චමත්කා ලක්මිණි, ධර්මප්‍රිය ඩයස්.

කැමරා අධ්‍යක්ෂණය – තිලංක පෙරේරා, ඉන්දික ලක්මාල්, නිශාන්ත ප්‍රදීප්

කලා අධ්‍යක්ෂණය – ධනුක බාලාරච්චි

සංස්කරණය - තිවංක අමරසිරි

අංග රචනය- ප්‍රභාත් දිසානායක

නිෂ්පාදන කළමනාකරණය – පාලිත විවේක්

වර්ණ සංයෝජනය - ශාන් අල්විස්

සංගීත අධ්‍යක්ෂණය - කේෂාන් පෙරේරා

5.1 ශබ්ද මිශ්‍රණය – අසේල ඉන්ද්‍රලාල්

නිෂ්පාදනය – එන්. කේ. ෆිල්ම්ස්