දසරාජ් – විජිත අසේල ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්කවරෙක්ද?

හෙට සිට ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්
ඔක්තෝබර් 24, 2019

උදයකාන්ත වර්ණසුරිය සිනමා නිර්මාණයක්

මේ මොහොතේ කැලුම් සුරේන්ද්‍ර සිටින්නේ යම් ප්‍රශ්නයකට මැදිවය. ජනප්‍රිය රූපවාහිනී ආයතනයක ප්‍රධාන විධායක නිලධාරී තනතුර හොබවන ඔහු තම නාළිකාවහි විකාශය කිරීම සඳහා නවතම රියැලිටි වැඩ සටහනක් ගැන සිතයි. එමඟින් නාළිකාව අංක එකට ඔසවා තැබීම කැලුම්ගේ අභිප්‍රායයි. මේ පිළිබඳ කල්පනා කරමින් සිටින ඔහුගේ නෙත ගැටෙන්නේ ආයතනයේ සුළු සේවකයන් දෙදෙනෙකි. ඔවුහු රටේ ජන නායකයා අනුකරණය කරමින් රඟපෑමක් ඔවුනොවුන් වෙත ඉදිරිපත් කරමින් සිටිති. ෂා . . මරු අයිඩියා එක.

කැලුම්ට කියවෙන්නේ ඉබේටමය. සුළු සේවකයන්ගේ රංගනය දැක ඔහුගේ හිතට මැවෙන රියැලිටි වැඩ සටහන ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්ය. රටේ පළමු පුරවැසියා ලෙස අභිෂේක ලැබීම තරගයේ ස්වභාවය වේ. විවිධ අදහස් ඇති දහසකුත් දෙනා මෙයට ඉදිරිපත් වේ. දසරාජ් ධර්මපාල,විජිත මාපලගම,අසේල රණවීර එතැනදි ප්‍රධාන තැන සිටින්නේ මොවුන්ය. දසරාජ් කපටිය, විජිත සමාජවාදී අදහස් දරන රැඩිරල් පුද්ගලයෙකි. අසේල රණවීර සැබෑ ප්‍රජාතන්ත්‍රවාදියාය.කැලුම් හිතුවාක් මෙන් ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර් සඳහා ඉහළ ජනප්‍රියත්වයක් ලැබේ. ඒත් සමඟම ඔහු අභියෝගයන් රැසකට ද මුහුණදීම සිදුවේ.උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර් ගලා යන්නේ එසේය. එය හෙට සිට සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගතවීම ආරම්භ වේ.

ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර් නළු නිළියන්:

ශ්‍රියන්ත මෙන්ඩිස්, මහේන්ද්‍ර පෙරේරා, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, ගිහාන් ප්‍රනාන්දු, ප්‍රියන්ත සෙනෙවිරත්න, ඩබ්ලිව්. ජයසිරි, සනත් ගුණතිලක, ලකී ඩයස්, රොඩ්නි වර්ණකුල, රොෂාන් රණවන, පුබුදු චතුරංග, අශාන් ඩයස්, බිමල් ජයකොඩි, ටීනා ෂනෙල්, ධර්මප්‍රිය ඩයස්, ශ්‍රීමාල් වෙඩිසිංහ, අජිත් වීරසිංහ, අනුජ් රණසිංහ, ශ්‍යාම් ප්‍රනාන්දු, පාලිත සිල්වා, තරින්දි ප්‍රනාන්දු, ගයාත්‍රි ඩයස්, නිල්මිණි තෙන්නකෝන්, ආනන්ද වික්‍රමගේ, ගිරිරාජ් කෞශල්‍ය, රවීන්ද්‍ර යසස්, කුමාර තිරිමාදුර, ජයලාල් රෝහණ, කුමාර වඳුරැස්ස, උදය තෙන්නකෝන්, සමන් හේමරත්න, සරත් චන්ද්‍රසිරි, විල්සන් ගුණරත්න, රිචඩ් මානමුදලි, දිමුතු චින්තක, ජනක කුඹුකගේ, මිහිර සිරිතිලක, සැන්ඩෝ හැරිස්, ලාල් කුලරත්න, සුරංග සතරසිංහ, සම්පත් ජයවීර, ආනන්ද අතුකෝරාල, වසන්ත විට්ටච්චි, අනුර බණ්ඩාර රාජගුරු, කීර්ති රත්නායක, සඳුන් විජේසිරි, සම්පත් තෙන්නකෝන්, රත්නා ලාලනී ,ජයකෙඩි, මන්දාකිනි මෙන්ඩිස්, බුද්ධික රඹුක්වැල්ල, හේමන්ත ඊරියගම, හැරී විමලසේන, සරත් කුලාංග, නිරෝෂන් ඉලේපෙරුම, උදේනි චන්ද්‍රසිරි, භානු කොඩිකාර, ආරියසේන ගමගේ, චින්තක පීරිස්, සරත් කරුණාරත්න, කුමාරි සේනාරත්න, ජීවන් හඳුන්නෙත්ති, ශිරෝමිකා ප්‍රනාන්දු, චතුර පෙරේරා, සරත් පීරිස්, සරත් ධර්මසිරි, ගයාන් රණධීර, අනුර ශ්‍රීනාත්, සිසිර කුමාරතුංග, සුජීව මල්මාලආරච්චි, සමන් අල්මේදා, රන්ජිත් රූබසිංහ, සමන් ඒකනායක, කීර්ති රංජිත් පීරිස්, ජානක හාල්පාන්දෙනිය, ජනක වසන්ත, සුදේශ් වසන්ත පීරිස්, නිරෝෂන් ඉලේපෙරුම, අසෝක රොද්‍රිගෝ, ඉංගා රොද්‍රිගෝ, බොනිපස් ජයශාන්ත, දමින්ද මෙන්ඩිස්, පියතිලක ලුණුවිල

 

කැමරා අධ්‍යක්ෂණය – ජයනාත් ගුණවර්ධන, අයේෂ්මන්ත හෙට්ටිආරච්චි සහ කේ. ඩි. දයානන්ද

සංස්කරණය – ප්‍රවීණ් ජයරත්න

සහාය අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් ජයන්ත

අංග රචනය – වසන්ත විට්ටච්චි

කලා අධ්‍යක්ෂණය – අරුණ ඩයස්

නිෂ්පාදන කළමනාකරණය – නිහාල් සංජය, හේමන්ත බන්ධනගේ

සංගීත අධ්‍යක්ෂණය – මහේෂ් දෙණිපිටිය

නිශ්චල ඡායාරූප – මහේෂ් නිශාන්ත

කතාව, දෙබස්, තිර රචනය, අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය – උදයකාන්ත වර්ණසූරිය

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.