ප්‍රේමය සහ වෛරය අතර දෝලනය වන

නිම් හිම්
ඔක්තෝබර් 31, 2019

රාධිකා ක්‍රිෂ්ණ ස්වාමි ලෙසට මම ඔබට ඇය හඳුන්වා දෙමි. ඇගේ ජාතිය ඉන්දීය. ආගම හින්දුය. දීග යන වයසේ පසුවන රාධිකා හැඩකාරියකි. තම දියණිය හොඳ තැනකින් විවාහ කරදීමට රාධිකාගේ පියා කිහිපවරක් උත්සාහ කෙරුවේය. ඒ සෑම අවස්ථාවක්ම ගඟට කැපූ ඉනි සේ නිෂ්ඵල වුවේය.

අපිට ඕන අපේ ජාතියේ අපේ කුලයේ එකෙක්.රාධිකාගේ පියා නිතර තෙපළුවේ එවදන්ය. අවසන ඇය ඇයට සහකරුවෙකු සොයා ගන්නට හිතා ගත්තාය. දෛවය රාධිකාට සරදම් කළේ තවදුරටත් ඇය තනිකඩව තබමිනි. එහෙත් අනපේක්ෂිත සිදුවීමක් නිසා රාධිකාට සහකරුවෙකු හමු විය. ඔහු ඇගේ කුලයේ නොවීය. ඇගේ ජාතියේ ද නොවීය. ආදරය නැමැති ලොව සුන්දරම හැඟීම හේතුවෙන් ඔහුගෙන් රාධිකාට වෙන් වන්නට නොහැකි විය. ආදරය සහ වෛරය අතර ඇත්තේ කෙස් ගසක වෙනසක් යැයි පැරැණි කතාවක් තිබේ. රාධිකාට ද එය වලංගු වන්නට ගත වූයේ කෙටි කලකි. එහෙත් නිම් හිම් නොමැතිව රාධිකාගේ ආදර කතාව ගලා ගියේය. ඒ නිම් හිම් නැති ආදරය අන්තර්ගත වන්නේ නිම් හිම් සඳහාය. තවත් අන්දමින් සඳහන් කළොත් ඒ මිචෙල් ෆොන්සේකාගේ නවතම සිනමාපටයයි. නිම් හිම් ලෙසට නම තැබු එය අධ්‍යක්ෂවරයාගේ දෙවැනි සිනමාපටය වේ.

නිම් හිම් නළු නිළියෝ

ජනක් ප්‍රේමලාල්. ගිහාන් ප්‍රනාන්දු, රොෂාන් පිලපිටිය, ඩබ්ලිව්. ජයසිරි, ගංගු රොෂානා, මිලින්ද මඩුගල්ල, කුමාරි මුණසිංහ, නිරෝෂා තලගල, නිලූෂා ප්‍රනාන්දු, සම්පත් තෙන්නකෝන්, අනුර බණ්ඩාර රාජගුරු, වසන්ත විට්ටච්චි, සුසංග කහඳවල, සමන් ධර්මවංශ

නිම් හිම් නිෂ්පාදන පිරිවර

කැමරා අධ්‍යක්ෂණය - ඉන්දික බමුණුආරච්චි

අංග රචනය – ගාමිණී කොස්තා

කලා අධ්‍යක්ෂණය - සුසංග කහඳවලආරච්චි

නිෂ්පාදන කළමනාකරණය - ගයාන් ගුණවර්ධන

විධායක නිෂ්පාදනය – ලලින්දු බී. ප්‍රනාන්දු

සංගීත අධ්‍යක්ෂණය - සරත් වික්‍රම

ගීත ගායනය – අමරසිරි පීරිස්, චිත්රූ පාඨලී

ගීත රචනය – වසන්ත දුක්ගන්නාරාළ

වර්ණ සංයෝජනය – දිලාන් ගුණවර්ධන

මාධ්‍ය සම්බන්ධීකරණය - ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

ඉදිරිපත් කිරීම – අලංකාර ෆිල්ම්ස් සහ අමා ෆිල්ම්ස්

නිෂ්පාදනය – ගයාන් ගුණවර්ධන, සමන් ධර්මවංශ, ප්‍රින්ස් වික්‍රමනයක, ප්‍රදීප් හේරත්, ඉන්දික මඩවල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.