ගාඩි ලෝක ප්‍රකට කැස්ත්‍රෝ සිනමාහලේ

නොවැම්බර් 7, 2019

 

සම්මානනීය සිනමාකරු ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ගාඩි සිනමාපටයේ ඇමරිකානු මංගල දැක්ම මෙම මස 09 වැනිදා ඇමරිකාවේ සෙන්ට් ෆ්‍රැන්සිස්කෝ නුවර කැස්ත්‍රෝ සිනමා ශාලාවේදී පැවැත්වෙනු ඇත. එය මෙලෙස තිරගත වනුයේ මේ දිනවල එහි පැවැත්වෙන දකුණු ආසියානු සිනමා උලෙළ නියෝජනය කරමිනි.

රවීන්ද්‍ර රන්දෙණිය සහ සජිත අනුත්තර ගාඩි හි ප්‍රබල රංගනයක නිරත වනු දැකිය හැකිය. ඩිනාරා පුංචිහේවා, අයිරාංගනී සේරසිංහ, ශ්‍යාම් ප්‍රනාන්දු, කලණ ගුණසේකර, දමයන්ති ෆොන්සේකා, ආනන්ද කුමාර උන්නැහේ, නෙතලි නානායක්කාර ඇතුළු නළු නිළියෝ රැසක් මෙය රංගනයෙන් හැඩ කරති. ඉන්දීය ශ්‍රී ලංකා හවුල් නිෂ්පාදනයක් ලෙසින් කල එළියට එන ගාඩි ෆිල්ම් අයිලන්ඩි, එම්. ඩී. ප්‍රේමසිරි, ප්‍රසන්න විතානගේ ප්‍රඩක්ෂන් සහ ජා පික්චර්ස්

නිෂ්පාදනයෙන් දායක වී තිබේ.

අමෙරිකාවේ සැන් ප්‍රැන්සිස්කෝ නුවර උරුමයක් ලෙස සලකන ලෝක ප්‍රකට කැස්ත්‍රෝ සිනමා ශාලාව ආසන 1400 කින් සමන්විතය. එය ගොඩනඟන ලද්දේ 1910 වසෙර්ය.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.