දනන් තුඩ රැව් දුන් ගුත්තිල

නොවැම්බර් 7, 2019

අප බෝසතාණන් වහන්සේ එක්තරා ආත්මයකදී පඬිවරයකුව උපන්නාහ. ගුත්තිල නමින් ප්‍රකට වූ හෙතෙම අති දක්ෂ වෙණ වයන්නෙකි. ගුත්තිලගේ වීණා වැයීමේ සූරත්වය හතර දිග් භාගය පුරා පැතිර ගියේය. මුසිල ද වෙණ වයන්නෙකි. ඔහු ගැල්කරුවන් ඉදිරියේ දිනෙක තම වීණාවේ සත්සර පිරිමැද්දේය. ඉන් පිට වූ ගොරහැඩි නාදය නිසා මූසිල විසුළුවක් බවට පත් විය.

මා හැර වෙන උසස් වෙණ වයන්නෙකු තොප දැක තිබේද?

මුසිල පිරිසගෙන් ඇසීය. සිටියි සිටියි. ඔහු නමින් ගුත්තිල වන්නේය.මේ බස් අසා මුසිල ගුත්තිල සොයා යන්නේය. ගුත්තිල මූසිල දෙස හිසේ සිට පාදාන්තය දක්වා බැල්මක් හෙළීය. දේහ ලක්ෂණ අනුව මේකා කපටියෙක් යැයි තේරුම් ගැනීමට ගුත්තිලට ක්ෂණිකව පුළුවන් විය. එහෙත් මූසිල උත්සාහය අත් හරින පාටක් නැත. කෙසේ හෝ ශිල්පය ඉගෙන ගෙන ගුත්තිල පැරදවීම ඔහුගේ යටි අරමුණ විය. ගුත්තිල ජාතකය ඇසුරෙන් නිර්මාණය වූ ගුතිතිල සිනමාපටයේ සමාරම්භය වන්නේ ඒ අයුරිනි. කතාව තව දිගුය. ඔබ මා එසේ හොඳින් දන්නා ගුත්තිල කතා පුවත සිනමාවට නැඟී ඇත. ඒ සනත් අබේසේකරගේ අධ්‍යක්ෂණයෙනි. මෙහි සංගීත විශාරද එඩ්වඩ් ජයකොඩි ගුත්තිල ලෙසින් රඟන අතර අකිල ධනුද්ධර මූසිල වේ.

ගුත්තිල සිනමාපටයේ නළු නිළියෝ:

අයිරාංගනී සේරසිංහ, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, සනත් ගුණතිලක, යශෝධා විමලධර්ම, වීණා ජයකොඩි, නදීකා ගුණසේකර, ගිරිරාජ් කෞශල්‍ය, චුලක්ෂි රණතුංග, ශ්‍රීමාල් වෙඩිසිංහ, මහින්ද පතිරගේ, සරත් චන්ද්‍රසිරි, හේමන්ත ඊරියගම, අමිල කරුණානායක, අනුර බණ්ඩාර රාජගුරු, රෝහිත් මාන්නගේ, පූජනි භාග්‍යා, දුෂිප්‍රභා ඉලංගකෝන්, ආලෝකා ධනංජනි, චතුරාණි පෙරේරා, වත්සලා කල්පනි, ගයාන් මාපලගම, ජයරත්න ගලගෙදර

ගුත්තිල සිනමාපටයේ නිෂ්පාදන කණ්ඩායම

කැමරා අධ්‍යක්ෂණය - සුජිත් නිශාන්ත

සංගීත අධ්‍යක්ෂණය – දිනේෂ් සුබසිංහ

සහාය අධ්‍යක්ෂණය – ආනන්ද එස්. කපුගේ

ගායනා - විශාරද එඩ්වඩ් ජයකොඩි

ගීපද රචනා - පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි, මහාචාර්ය සුනිල් ආරියරත්න

ඇඳුම් නිර්මාණය – රමේෂා ඕෂනි

කොණ්ඩා සැකසුම – රුචිර දිනෙෂ්ක කහඳ, නිලේෂ් දිසානායක

නර්තන නිර්මාණය - චන්න විජේවර්ධන සහ චන්දන වික්‍රමසිංහ

අංග රචනය – තරංග රුක්මල්වල

කලා අධ්‍යක්ෂණය – ධම්මික හේවාදුවත්ත

සටන් අධ්‍යක්ෂණය - සුමුදු අමල්ක

නිෂ්පාදන කළමනාකරු - හිරංග විශ්ව රණසිංහ

විධායක නිෂ්පාදනය - රොෂාන් සංජේ හේරත්

ත්‍රිමාණ සජීවිකරණය සහ විශේෂ දෘශ්‍ය ප්‍රයෝග - චමත් පරණවිදාන

ශබ්ද මිශ්‍රණය - ශෂින් ගිම්හාන්

සංස්කරණය – වර්ණ සංයෝජනය සහ ශබ්ද පරිපාලනය – ප්‍රවින් ජයරත්න

ඉදිරිපත් කිරීම – තිස්ස නාගොඩවිතාන ෆිල්ම්ස් (පුද්) සමාගම

නිෂ්පාදනය – හරේන් නාගොඩවිතාන, දිලිනි සිල්වා

කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - සනත් අබේසේකර

Add new comment