නොහොබිනා වැඩ කරන ජිනේගේ කතාව

‘හතර වරන්
නොවැම්බර් 14, 2019

නම ජිනදාස වුවත් කෙටි කර ජිනේ යනුවෙන් හැඳින් වු තරුණයෙකි. ඔහුගෙන් ගමට කිසිදු සෙතක් වුණේ නැත. ජිනේ මහ පොළවට බරක් යැයි ගම්මුන් කීවේ කට කහනවට නොව ඔහුගේ ක්‍රියා කලාපයන් නිසාය. ජිනේට ඔහු හා සරි මිත්‍රයෙකු වෙයි. දෙදෙනා එක්ව කරන තරමක් කළේ නොහොබිනාකම්ය. අහළ පහළ ගෙදරක කෙසෙල් කැනක්වත් පීදෙන තුරු තියන්නට බැරිය. ජිනේ එය කපාගෙන යන්නේ පුරුද්දට මෙනි. හොර පොල් කැඩීමේ දස්කම උපතින් ඔහු ගෙනාවා වැනිය. මේ හේතු කාරණා මත ගම්මුන්ට ජිනේ මහ එපා කරපු එකෙකි. මේ කාරණා ඉවසා ගත නොහැකිව මව විසින් ජිනේ නගරයට පිටත් කරනු ලබයි. ඔහුට කොළඹ බංගලාවක රියදුරකු වශයෙන් සේවය කිරීමට අවස්ථාව උදා වේ. ඒ නිවෙසේ තරුණ ගැහැනු ළමයෙකි. සෙල්ලක්කාර අයකු වන ඇය සංජානාය. සංජානා මීට පෙර විවාහ වූ තැනැත්තියක් වන අතර ඇගේ ස්වාමි පුරුෂයා හදිසියේ මිය ගොස් තිබේ. එය අභිරහස් මරණයකි. ක්‍රමයෙන් සංජානා ජිනේ හා වැඩි සම්බන්ධයක් ගොඩ නගා ගැනීමට උත්සාහ කරයි. ජිනේ වැටෙන්නට යන උගුල ගැන නොදැන සංජානාට සිතැඟි පරිදි හැසිරීමට ඉඩහසර ලබා දී බලා සිටියි. සංජානාගේ ස්වාමි පුරුෂයාට අත් වූ ඉරණම නොබෝ කලකින් තමන්ට ද හිමි වන බව ජිනේ දන්නේ නැත.

මේ කතාව රැගත් චිත්‍රපටය හතර වරන් ලෙසට නම් කොට තිබේ. එය චතුර පෙරේරාගේ අධ්‍යක්ෂණයකි. නැසීගිය ජනප්‍රිය සිනමා නළු එල්. එම්. පෙරේරාගේ ආදරණීය වැඩිමල් පුතු වූ චතුර පියා කළ චිත්‍රපටවලට යොදා ගත් නාමය හතර වදන භාවිත කරමින් තමන්ගේ චිත්‍රපටයට ද නම තබා තිබේ. හතර පෙරළිය, හතර කේන්දරේ, හතර මහා නිධානය, හතර වටේ එල්. එම්. නිර්මාණය කළ චිත්‍රපටයන් වේ. මෙම සිනමාපටයේ ජිනේ ලෙස චතුර පෙරේරා රංගනයෙන් යෙදෙයි.

‘හතර වරන්’නළු නිළි කැල

පුබුදු චතුරංග, චතුර පෙරේරා, කුමාර තිරිමාදුර, බන්දුල විජේවීර, තක්ෂිලා සෙව්වන්දි, රජිත හිරාන්, නන්දන හෙට්ටිආරච්චි, ඩී. බී. ගංගොඩතැන්න, සමදරා ආරියවංශ,දිල්කි මිහිරාජි, ප්‍රීති විජේසිංහ, අනිල් ජයසිංහ, රවීන්ද්‍ර ප්‍රදීප්, නිශානි තෙන්නකෝන්, ටෙඩී විද්‍යාංලකාර, අසංක පෙරේරා

‘හතර වරන්’ නිෂ්පාදන කණ්ඩායම

අංග රචනය – උභය දිසානායක

කලා අධ්‍යක්ෂණය - රෝහිත කුමාර

නිෂ්පාදන කළමනාකරු - අජිත් ප්‍රනාන්දු

සහය අධ්‍යක්ෂණය - සමීර මධුෂාන් – කුමාරි දිසානායක

නැටුම් අධ්‍යක්ෂණය - ලාල් දේවාරත්න

සංගීත අධ්‍යක්ෂණය - ජෝර්ජ් සේනානායක

කැමරා අධ්‍යක්ෂණය - ෂැගී

සංස්කරණය - තනුස්ක කහඳවල

සම අධ්‍යක්ෂණය - සුරේෂ් කුමාරසිංහ

නිෂ්පාදනය - සුමන දීප්ති ගුණරත්න

කථාව, දෙබස්, තිර රචනය හා අධ්‍යක්ෂණය – චතුර පෙරේරා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.