අපලයට එරෙහි පියදාසගේ කතාව

නොවැම්බර් 21, 2019

සකී

ඉන්දික වික්‍රමආරච්චිගේ අධ්‍යක්ෂණයකි...

මේ කතාවේ නායකයාගේ නම පියදාස. ඔහු මැදි විය ඉක්ම වූ ගැමියෙකි. පියදාස ඉහළට ඉගෙන ගත්තු කෙනෙක් නෙවෙයි. ඒ හින්දම ඔහුට ස්ථිර රැකියාවක් සොයා ගන්න බැරි වුණා. මේ හින්දම ගමේ දාමරිකයකු ගාව සේවය කරන්නට පියදාසට සිදු වෙනවා. ඔහු එහෙම කරන්නේ දරුවන් දෙදෙනෙකු සිටින පවුලේ මූලිකයා හැටියට වෙන කරන්න දෙයන් නැති තැන. පියදාසට නිතර නිතර කරදරවලට මුහුණපාන්න සිදු වුණා. ඒවාට නිමක් තිබුණේ නැහැ. පියදාස හරියට ජ්‍යෝතිෂය විශ්වාස කරන කෙනෙක්. මේ ගෙවෙන්නේ අපල කාලයක් කියලයි ඔහු හිතුවේ. නමුත් එය නිමාවන පාටක් නැහැ. බැරිම තැන පියදාස තම කේන්දරය බලවා ගන්නේ ඒ හින්දමයි. නක්ශස්ත්‍රකරුවා කියනවා පියදාසට සෙනසුරු අපලයක් කියලා. ඔහුගේ පිරිමි දරුවා නිසාලු මේ තරම්ම අපල උපද්‍රව සිදු වන්නේ. ඔහු පියදාසට කියන්නේ එහෙමයි. පියදාස දෙලොවක අතරමං වෙනවා. අපල ඇති වන්නේ පුතා නිසා කියලා කිව්වට පියදාසට එහෙම හිතන්නට බැහැ. ඊට පිළියමක් ලෙසට මොනවා කරන්නද කියලත් හිතාගන්න අමාරුයි. අන්තිමේ ඔහු තීරණයක් ගන්නවා. පුතුවත් ආරක්ෂා කරගෙන පියදාස ඉදිරිය දකින්නේ කොහොමද. සකී සිනමාපටය ගෙන එන්නේ එයයි. මේ දිනවල සීමිත සිනමා ශාලා සංඛ්‍යාවක තිරගත වේ.

සකී සිනමාපටයේ නළු නිළියෝ

මර්ක් ප්‍රසින්, ක්‍රිෂ්මි කුරේ, ඉසුන්ක විනෝල්, රචෙල් ප්‍රනාන්දු, උපුල් වීරසිංහ, අමා කාවින්ද්‍යා, සකී සිතුමිණ, සංජීව වික්‍රමසිංහ, පාලිත අමරසිංහ, මංජුලා සමන් කුමාරි, රෝහිත මානවඩුගේ, රිතික් මීෂාන්.

සකී නිෂ්පාදන කණ්ඩායම

කැමරා අධ්‍යක්ෂණය – අසංක දේවප්‍රිය, පූර්ණ ජයසිරි

සහාය අධ්‍යක්ෂණය - රොයිස්ටන් පීරිස්, රෝහිත මානවඩුගේ

කලා අධ්‍යක්ෂණය – උපුල් වීරසිංහ

පද රචනා - පියසේන ගුරුගේ

සංගීත අධ්‍යක්ෂණය - සුජීව ඉන්දික

ගීත සංගීතය – දුෂාන්ත මහින්දසිරි

ගායනා - අමා කාවින්ද්‍යා, චානුක් දාබරේ, නෙත්මිණි උප්පලා, ජනේනද්‍රි බණ්ඩාර

ශබ්ද පරිපාලනය – චාමර හපන්ගම, ෂෙනුක පීරිස්

පටිගත කිරීම - සංජය අර්ෂාඩච්

සංස්කරණය, පිටපත රචනය සහ අධ්‍යක්ෂණය - ඉන්දික වික්‍රමආරච්චි

නිෂ්පාදනය - යොවුන් සිනමා නිකේතනය සහ සමගි චිත්‍රපට