අතීතයෙන් වත්මන් රිදී තිරයට එන කුමරු ඡත්ත මානවක

නොවැම්බර් 28, 2019

ක්‍රිෂාන්ත වීරමන්ගේ අධ්‍යක්ෂණයක්...

ගුණදාස උපාසක මහත්මා පන්සලට ඇවිත් බොහෝ වෙලාවකි. ගමේ කොයි කා අතරේත් ඔහු වඩාත් ප්‍රචලිත සීයා නමිනි. ගුණදාස උපාසක මහත්තයා තරම් බණට දහමට ළැදි තවත් අයකු අහල ගං හතකවත් නැති තරම්ය. පොහෝදා පන්සලට එන දුවා දරුවන් තම ආදරණීය සීයා හමු වී ජාතක කතාවක් ඇසීම දැන් අනිවාර්ය අංගයක් බවට පත් වී තිබේ. අද ද එවැනි මොහොතකි. සුළු වේලාවක් ගත වූ තැන කිරි කොකුන් රෑනක් ඉගිළ එන්නාක් මෙන් දහම් පාසලේ දරු දැරියෝ ගුණදාස උපාසක මහත්මා වටා රොක් වූහ. රැල් බුරුල් හැර ඔහු කතාව ඇරැඹීය.

පුතාලා දන්නවද මං අද ඔයාලට කියලා දෙන්නේ මොන කතාවද කියලා . .

නෑ.අද මං කියා දෙන්න හදන්නේ ඡත්ත මානවක කුමරුගේ කතාව.

ඡත්ත මානවක . . .? ඒ කවුද සීයේ?

ඒ පැනය එතැන සිටි පුංචිම දැරියගෙනි.

පුතාලා අහලා තියෙනවද යෝවදතං පවරෝ මනු ජේසු ගාථාව.

ඔව්.

අනන ඒකේ නිදාන කතාව තමයි මේ ඡත්ත මානවක කුමරුගෙ කතාව.

කාලය අතීතයට ගමන් කරයි. එතැන් පටන් ඇරැඹෙන්නේ කුමරු ඡත්ත මානවකගේ ජීවිත කතාවයි. බෞද්ධ සාහිත්‍යය ඇසුරෙන් නිර්මාණය වූ කුමරු ඡත්ත මානවක සිනමාපටය ක්‍රිෂාන්ත වීරමන්ගේ අධ්‍යක්ෂණයකි.

 

 

කුමරු ඡත්ත මානවක සිනමාපටයේ නළු නිළියෝ සහ නිෂ්පාදන කණ්ඩායම

අමරසිරි කලංසූරිය, ශිරානි නුගේරා, සුමිත් මුදන්නායක, හෂාන් රත්නායක, සමන් සුජීව, ප්‍රියංක ගුණසේකර, ලාල් හපුආරච්චි, ගායනා ප්‍රියාෂ්වරි,ප්‍රියන්ත වීරසිංහ, ගවේෂ් හසරංග, ගුවනි අභිමන්සා, සුනෙර සහන් නිලමිත, තෙවිඳු බිම්සර, නිහාරා සත්සරණි, නෙතුලි සෙහන්සා, අරූෂා සේනානායක

කැමරා අධ්‍යක්ෂණය - සුජිත් නිශාන්ත

කලා අධ්‍යක්ෂණය - සමන් සුජීව

සංස්කරණය - ශාන් අල්විස්

සහාය අධ්‍යක්ෂණය - දර්ශනි පෙරේරා

සංගීත අධ්‍යක්ෂණ්‍ය - සමීර සුභසිංහ

විධායක නිෂ්පාදනය - ප්‍රියංක ගුණසේකර

නිෂ්පාදන සහාය - කෝරාලගේ උපතිස්ස

නිෂ්පාදනය - සත්සර ෆිල්ම්ස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.