තාරුණ්‍යයේ බීච් බෝල් කණ්ඩායමක් වටා ගෙතුණු

බීච් රෝඩ්
දෙසැම්බර් 5, 2019

 

BEACH ROAD

අරුණ පත්තිනිගේ අධ්‍යක්ෂණයක්...

රනුක, උදාරි, ජූඩ්, මේනක, මෞනි, කවිඳු සහ සඳලි මිත්‍ර සමාගමකි. වැල්ලට යාබද නිවාස සංකීර්ණයක වෙසෙන ඔවුහු තරුණ වයසෙහි පසු වෙති. ජීවිතය ගැන වැඩි වගකීමක් නැති මේ කණ්ඩායමට දිනෙක අපූරු අදහසක් පහළ වේ. ඒ බීච්බෝල් කණ්ඩායමක් නිර්මාණය කිරීමය. නමුත් ගැටලුවක් තිබේ. ඒ එක් සාමාජිකයකු ඊට අඩුවීමය. මෞනිගෙ ගෙදරට ආසන්නයේ පදිංචියට ටීෂා නමැති තරුණියක් පැමිණෙන්නේ මේ කාලයේය. ඇය තරමක සංකර අයෙකි. බිකිණි ඇඳුමකින් සැරසී මුහුදු වෙරළ ආසන්නයට නිතර ඇය පැමිණෙයි. උදාරි, මෞනි සහ සඳලි පුංචි කාලයේ සිට වෙරළ ආසන්නයේ වෙසුණත් බිකිණි ඇඳුම ඔවුන්ට නුහුරුය. එහෙයින් ටීෂා මේ පිරිවරට නොසෑහෙන්න ආගන්තුකත්වයක් ඇති කරයි. මේ අතර මුහුදු වෙරළ සමීපයේ ජීවත්වන පිරිසට ද ටීෂාගේ ඇඳුමේ පැළඳුමේ සිට නුරුස්සයි. අවසන එය දැඩි ප්‍රශ්නයක් දක්වා දුරදිග යයි. කෙසේ හෝ බීීච්බෝ්ල් කණ්ඩායමේ පුහුණුවීම් ආරම්භ වන්නේ ටීෂා ද එහි සාමාජිකත්වය ලබමිනි. ඊට ඇතුළත්වීමට ඇයට උදවු කරන්නේ රනුකය. රනුක එලෙස කරන්නේ ටීෂා පිළිබඳ ඇති වූ ආදරයක් නිසාය. මේ කතාවේ ඉතිරිය ගලා යන්නේ ඔවුනොවුන් අතර ඇතිවන ගැටුම් සමඟිනි. අරුණ පත්තිිනිගේ නිර්මාණය කළ බීච් රෝඩ් සිනමාපටය කියාපාන්නේ රනුක, ජූඩ්, උදාරි, මෞනිලාගේ කතාවය. තාරුණ්‍යයේ සිනමාපටයක් වන මෙහි තිර රචනය නිහාල් බණ්ඩාරගෙනි.

බීච් රෝඩ් නළු නිළියෝ:

අනුජ් රණසිංහ, ලක්ෂිකා ජයවර්ධන, ශෙරුණි හොරණගේ, සඳරු එන්. සමීර, චමෝද් තිලංක, කුමාර රණපුර, ධනුෂ්ක සම්පත්, සඳලි ප්‍රියංවදා, චතුරිකා ආරියවංශ, බුද්ධිකා හංසානි, ගයාත්‍ර මධුශාන්

කැමරාකරණය - ගාමිණී ප්‍රනාන්දු

අංග රචනය - ගාමිණි කොස්තා

සංගීතය - අශෝක කෝවිලගේ

සංගීත සංකලනය- ප්‍රදීප් ග්‍රේරෝ

ගායනය - අශේන් චක්‍රවර්ති

කලා අධ්‍යක්ෂණය සහ නිශ්චල ඡායාරූප - ඉන්දික රත්නායක

විධායක නිෂ්පාදනය - ටී. කේ.සමරතුංග

නිෂ්පාදන කළමනාකරණය - කෝසල පත්තිනිගේ

නිෂ්පාදනය - ද ටීම්

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.