ඇකිරියන් කුඹුරේ එක ගෙයි කෑම

දෙසැම්බර් 19, 2019

එක ගෙයි සොකරි

ගමේ අරුමය රිසි සේ විඳිනා ඔවුන් ඇකිරියන්කුඹුරේ ගම්වාසීන්ය. මේ විට ඉංග්‍රීසි ආණ්ඩුව පැවතිය ද ඒ නීතිය මේ ගමට වලංගු නැත. එයට හේතුව ඇකිරියන්කුඹුර ගමේ පිහිටීමය. නුවර මඩකලපු පැරැණි මාර්ගයේ බිබිල පසු කොට එද්දී හමු වන අවසාන ගම වීම එයට හේතුවයි. මහමූකලාන පටන් ගන්නේ ඇකිරියන්කුඹුරෙනි. එහෙයින් වැඩි දෙනෙකුට මේ ගම අවධානයෙන් ගිලිහිණ. එහෙයින් සුද්දා තහනම් කළ එක ගෙයි කෑම ඇකිරියන්කුඹුර ගමේ ජයටම සිදු කෙරිණ. ඩුංගුරා, කුංකුණා සහ බාලයා මෙහෙට අමුත්තන් නොවීය. උපන් දා සිට ඇකිරියන්කුඹුරේ හැදී වැඩුණ ඔවුන් වෘත්තීයෙන් බෙර වායොයි. ගමේ තොවිලයක්, සොකරියක් තිබුණු තැනක ඔවුන් වැරදුණේ නැත. දිනෙක අලුයම ඩුංගුරා, කුංකුණා සහ බාලයා ගමේ පන්සලේ තේවාවක් නිම වී නිවෙස් බලා යාමට පිටත් විය. ගමේ යම් තැනක සිට තිදෙනා තම තමන්ගේ නිවෙස් බලා යාමට තුන් පැත්තකට බෙදිණ. ඩුංගුරාට තිබුණේ දියවක්කලමක් පසු කොට යන්නටය. ඔහුට එතැන සුපුරුදු වුවත් වෙනදා දැනෙන හැඟීමට වඩා වෙනස් යමක් දැනිණ. මහා හඬක් නංවමින් දියඹ දෙබෑ වෙනු ඩුංගුරා දුටුවේය. ඊට අවධානය යොමු කළ ඔහුට දැක ගැනීමට ලැබුණේ දිවි තොර කර ගැනීමට දියවක්කලමට පනිනු ලැබු සුරූපිණියකි.

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනි අපට පවසන්න අවසර ලබා දුන්නේ කතාවේ එපමණකි. ඔහු නිර්මාණය කළ නවතම සිනමාපටය එලෙස දිග හැරෙනුයේ ඇකිරියන්කුඹුර ගමේ සුන්දරත්වය ද විදහාලමිනි. එම සිනමාපටයට එක ගෙයි සොකරි යනුවෙන් නම තබා තිබේ. ජුලියට්ගේ භූමිකාව, අබා, ඇඩ්ඩ්‍රස් නෑ ජැක්සන් මීට ප්‍රථම නිර්මාණය කළ සිනමාපටයන් වේ.

ජැක්සන් ඇන්තනි අධ්‍යක්ෂණයක්...

එක ගෙයි සොකරි නළු නිළියෝ:

අකිල ධනුද්ධර, උදාරී වර්ණකුලසූරිය, සජිත අනුත්තර, විල්සන් ගුණරත්න, ටෙරි ජයසිංහ, රුවන් පෙරේරා, සෙනාලි ෆොන්සේකා, ආරියරත්න කළුආරච්චි, සම්පත් තෙන්නකෝන්, සුසිලා කෝට්ටගේ, රුවන් වික්‍රමසිංහ, ලලිත් රාජපක්ෂ, අයිවන් ඇන්තනි, ඒ. එම්. බණ්ඩාර මැණිකේ, ඉරේෂා ලක්මාලි, දිදුල තත්සර, ප්‍රසන්න දැකුම්පිටිය, සම්පත් වන්නිආරච්චි, අසංග රුවන්, පුබුදුනි ගුණවර්ධන

එක ගෙයි සොකරි නිෂ්පාදන කණ්ඩායම

කැමරා අධ්‍යක්ෂණය - චන්න දේශප්‍රිය

කලා අධ්‍යක්ෂණය - ධම්මික හේවදුවත්ත

අංග රචනය - හර්ෂ මංජුල

සහාය අධ්‍යක්ෂණය - සරත් සේනාරත්න

ශබ්ද පරිපාලනය - ඩිලන් ගුණවර්ධන

විධායක නිෂ්පාදනය- දිනුෂා රාජපතිරණ

සංස්කරණය සහ වර්ණ සංයෝජනය - තිස්ස සුරේන්ද්‍ර

සංගීත අධ්‍යක්ෂණය - චින්තක ජයකොඩි

නිෂ්පාදන කළමනාකරණය - හැරල්ඩ් කරුණාතිලක

නිශ්චල ඡයාරූප - ධම්මික පතිරණ

නර්තන අධ්‍යක්ෂණය - ජ්‍යේෂ්ඨ මහාචාර්ය ආරියරත්න කළුආරච්චි

ගීපද රචනය - බන්දුල නානායක්කාර

ගායනා - මාධවි වත්සලා, සජිත අනුත්තර, ඩිලන් කරුණාරත්න,

දිනුෂා කෝදාගොඩ, හර්ෂණ දිසානායක, චමිල මධුශාන්,

නදීමාල් පෙරේරා, එවන්ද දිල්මින් පෙරේරා

නිෂ්පාදනය - ක්‍රියේටිව් හෙලන්කා ප්‍රයිවට් ලිමිටඩ්

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.