2019 වසරේ තිරයට ආ චිත්‍රපට

ජනවාරි 2, 2020

ගින්නෙන් උපන් සීතල -අනුරුද්ධ ජයසිංහ - ජනවාරි 18

සංගිලි - ලලිත් පන්නිපිටිය - ජනවාරි 18

තාල -පාලිත පරේරා - ජනවාරි 31

නැති බැරි ටාසන් - සුදේශ් වසන්ත පීරිස් - පෙබරවාරි 22

දැකලා පුරුදු කෙනෙක් - මලිත් හෑගොඩ -මාර්තු 08

කතා කරන හීන - සෝමලතා හේරත් මැණිිකේ - මාර්තු 15

අසන්ධිමිත්තා - අශෝක හඳගම - මාර්තු 22

සුළඟ අප රැගෙන යාවි - නුවන් ජයතිලක - මාර්තු 22

ඉස්කෝලෙට මං ආවා - ප්‍රසාද් සමරතුංග - අපේ‍්‍රල් 05

වැලි පවුරු -සුනිල් පේ‍්‍රමරත්න - අප්‍රේල් 16

තිත්ත ඇත්ත -ප්‍රීතිරාජ් වීරරත්න - අප්‍රේල් 20

සුබා තෙරණියෝ - සුමිත් කුමාර - මැයි 15

සාම කුමරුගේ කතාව - නිශාන්ත වීරරත්න - මැයි 31

ගෝරි - හර්ෂ උඩකන්ද - ජූනි 06

සිකුරු යෝගය - බර්මින් ලයිලි ප්‍රනාන්දු - ජූනි 21

සංසාරේ දඩයක්කාරයා - ප්‍රසන්න ජයකොඩි - ජූලි 04

මානය - අංජු ධනංජය - ජූලි 19

විජයබා කොල්ලය -මහාචාර්ය සුනිල් ආරියරත්න - අගෝස්තු 01

එක රෑනක කුරුල්ලෝ - බෙනඩික් මන්ත්‍රීගේ - අගෝස්තු 30

ජය ශ්‍රී ඇමැතිතුමා - නිශාන්ත වීරසිංහ - සැප්තැම්බර් 11

හුස්ම - සුදේශ් වසන්ත පීරිස් -සැප්තැම්බර් 20

රෂ් - මහේෂ් මුණසිංහ - ඔක්තෝබර් 15

සකි - ඉන්දික වික්‍රමආරච්චි - ඔක්තෝබර් 18

ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර් -උදයකාන්ත වර්ණසූරිය - ඔක්තෝබර් 25

පාර්තිභා - (දමිළ)ආර්. ජී. අබර්ණ, සුදත් - නොවැම්බර් 21

රීලෝඩ් - සුසන්ත ධර්මප්‍රිය - නොවැම්බර් 20

ෆේස් ටු ෆේස් - හර්ෂ උඩකන්ද - නොවැම්බර් 22

උලලේණි -හේමන්ත ප්‍රසාද් - දෙසැම්බර් 06

යූ ටර්න් - චන්න දේශප්‍රිය - දෙසැම්බර් 13

විෂමභාග - ලලිත් රත්නායක - දෙසැම්බර් 16

 

එතෙරින් ලැබූ සම්මාන

 

2019 වසරේදී ශ්‍රී ලාංකේය සිනමාපට 07 ක් (පුත්තු සහ පියවරු, අසන්ධිමිත්තා, දැවෙන විහඟුන්, පාංශු, විෂම භාග, දඩ ඉම, ආයු) අන්තර්ජාතික සිනමා උලෙළ, අන්තර්ජාතික සිනමා සම්මාන උළෙල, අන්තර්ජාතික සිනමා සම්මාන තරඟ උලෙළ යන උලෙළ ඛාණ්ඩයන් ත්‍රිත්වය යටතේ සම්මාන හා සහතික 50කට ආසන්න සංඛ්‍යාවක් ජයග්‍රහණය කිරීමට සමත්විය. ඒ අතුරින් සිනමාපට 04 ක් "අන්තර්ජාතික සිනමා උලෙළ" යන ඛාණ්ඩය යටතේ සම්මාන 08කින් පිදුම් ලැබීමට සමත්විය.

හොඳම සංගීතය සඳහා වූ සම්මානය -ඇන්තනී සුරේන්ද්‍ර ( පුත්තු සහ පියවරු)-

11 වෙනි ජයිපූර් අන්තර්ජාතික සිනමා උළෙල- ඉන්දියාව

විශිෂ්ටතම රංගන ශිල්පීන් ශිල්පිනියන් සඳහා වූ යකුෂි මුතු සම්මානය - නිල්මිණි සිගේරා- (අසන්ධිමිත්තා)- 14 වෙනි ඔසාකා ආසියානු සිනමා උළෙල- ජපානය

හොඳම රංග වස්ත්‍රාභරණ නිර්මාණය -කුමාර කරව්දෙනිය (පාංශු)- 07 වෙනි නීස් අන්තර්ජාතික සිනමා උළෙල- ප්‍රංශය

විදෙස් භාෂිත වෘත්තාන්ත සිනමාපට අංශයේ හොඳම නිළිය- නීටා ප්‍රනාන්දු (පාංශු)- 07 වෙනි නීස් අන්තර්ජාතික සිනමා උලෙළ- ප්‍රංශය

හොඳම නිළිය -අනෝමා ජනාදරී (දැවෙන විහඟුන්)- 09 වෙනි සාර්ක් සිනමා උලෙළ- ශ්‍රී ලංකාව

හොඳම සංස්කරණ ශිල්පියා -අජිත් රාමනායක, කැතරිනා වර්තේනා (දැවෙන විහඟුන්)- 09 වෙනි සාර්ක් සිනමා උළෙල- ශ්‍රී ලංකාව

හොඳම සහාය නළුවා -සේවියර් කණිෂ්ක (පාංශු)- 09 වෙනි ගෝල්ඩන් ඩො(ර්) අන්තර්ජාතික සිනමා උලෙළ- ඇමෙරිකා එක්සත් ජනපදය

හොඳම වෘත්තාන්ත සිනමාපටය සඳහා වූ විශේෂ සඳහන- (පාංශු)- 22 වෙනි රෙලිජන් ටුඩේ සිනමා උලෙළ- ඉතාලිය

සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි

 

 

Add new comment