ගාඩිට ඩකා ජූරියේ සම්මාන රොටර්ඩෑම් උලෙළෙන් යුරෝපා ප්‍රදර්ශනය ඇරැඹේ

ජනවාරි 23, 2020

බංගලාදේශයේ ඩකා අගනුවර පැවති 18 වැනි අන්තර් ජාතික ඩකා චිත්‍රපට උලෙළේදී ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ගාඩි සිනමාපටය ජූරියේ විශේෂ ගෞරව සම්මාන සහතිකයක් හිමි කර ගැනීමට සමත් විය. එහිදී එම සිනමාපටයේ ප්‍රධාන නළු නිළි යුවළ වන සජිත අනුත්තර සහ ධිනාරා පුංචිහේවා අධ්‍යක්ෂ ප්‍රසන්න වෙනුවෙන් එම සම්මානය බාර ගන්නා ලදී. ඉරානය, තුර්කිය, රුසියාව, ඉන්දියාව, චීනය, කසකස්ථානය, පිලිපීනය, දකුණු කොරියාව, ශ්‍රී ලංකාව ඇතුළු රටවල චිත්‍රපට දහනවයක් ඩකා උලෙළේ ආසියානු තරගකාරී අංශය නියෝජනය කරනු ලැබීය.

ගාඩි සිනමාපටයේ යුරෝපීය මංගල දැක්ම මෙම මස 27 වැනිදා 49 වැනි අන්තර් ජාතික රොටර්ඩෑම් චිත්‍රපට උලෙළේදී පැවැත් වෙනු ඇත. විවිධ රටවල නිර්මාණය වූ සිනමාපට පන්සියයකට අධික සංඛ්‍යාවක් උලෙළට ඇතුළත් වන අතර ගාඩි ප්‍රධාන ධාරාවේ චිත්‍රපට අතර තිබෙන බව සංවිධායකයින් විසින් දැනුම් දී තිබේ. ප්‍රසන්නගේ දස වැනි සිනමාපටය මෙය වේ. ඔහු නිර්මාණය කළ සියලුම සිනමාපට සඳහා සම්මාන හිමි වී තිබීම විශේෂත්වයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.