අනෝමා රාජකරුණා ඩකා උලෙළේ කාන්තා ජූරියේ...

ජනවාරි 23, 2020

මෙරට අන්තර්ජාතික සිනමා උලෙළ අධ්‍යක්ෂිකාවක ලෙස කටයුතු කරන අනෝමා රාජකරුණා පසුගියදා බංගලාදේශයේදී නිමාව දුටු 18 වෙනි ඩකා අන්තර්ජාතික සිනමා උලෙළේදී ජූරි සභිකාවක ලෙස කටයුතු කිරීමට අවස්ථාව හිමිකරගත්තාය. ජනවාරි 11 සිට 19 දක්වා පැවති ඩකා උලෙළේ "Women Filmmakers" නම් වූ ජූරිය නියෝජනය කිරීමට ඇයට ඇරයුම් හිමිව තිබුණි. සාමාජිකාවන් පස් දෙනෙකුගෙන් සමන්විත වූ එම ජූරියේ සෙසු සමාජිකාවන් කැනඩාව, බංගලාදේශය, ක්‍රොඒෂියාව සහ ඉන්දියාව නියෝජනය කළහ. 1992 වර්ෂයේදී සමාරම්භය සනිටුහන් කල ඩකා අන්තර්ජාතික සිනමා උලෙළේ ශ්‍රී ලාංකිකයෙකු ජූරියක් නියෝජනය කළ පළමු අවස්ථාව මෙය විය. 2006 වර්ෂයේ ඊජිප්තුවේ පැවති කයිරෝ අන්තර්ජාතික ළමා සිනමා උලෙළේදී (Cairo IFF for Children) ජූරි සමාජිකාවක ලෙස කටයුතු කරමින් අන්තර්ජාතික උලෙළ ජූරි නියෝජනයේ ආරම්භය සනිටුහන් කල අනෝමා රාජකරුණා, ඩකා ජූරි නියෝජනයත් සමග, එදා මෙදා තුර ශ්‍රී ලංකාවෙන් ඉපිට පැවති අන්තර්ජාතික සිනමා උලෙළ තුළ වැඩිම ජූරි සභාවන් සංඛ්‍යාවක් නියෝජනය කළ ශ්‍රී ලාංකේය කාන්තාවන් අතර දෙවන ස්ථානයේ ස්ථානගත වීමට සමත්වූවාය. (වැඩිම කාන්තා ජූරි නියෝජනය- රංජනී රත්නවිභූෂන- අවස්ථාවන් 12 යි)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.