චිත්‍රපට වාර්ෂිකය 2018 එළිදකී

ජනවාරි 23, 2020

ඇන්ටන් ජේ. ප්‍රනාන්දු විසින් සංස්කරණය කරනු ලැබූ 2018 චිත්‍රපට වාර්ෂිකය ග්‍රන්ථය මෙරට කතානාද සිනමාවට වසර 73 ක් සපිරෙනදා එනම් ඉකුත් අඟහරුවාදා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී එළි දැක් විය. 2018 වසරේ තිරගත වූ චිත්‍රපට 27 ක කාර්මික තොරතුරු, චිත්‍රපටවලට ඇතුළත් වූ ගීතවල පදමාලා, සිනමා ශාලා සහ විචාර සටහන් ආදිය මෙයට ඇතුළත් කොට ඇත. පිටු 192 කින් සමන්විත මෙම ග්‍රන්ථය ජාතික චිත්‍රපට සංස්ථාවේ ප්‍රකාශනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.