ඡායාරූපයක් නිසා ඉරණම විසඳුණු චරිත්ගේ කතාව...

පෙබරවාරි 6, 2020

ගිනියම් යාමය

තිර රචනය හා අධ්‍යක්ෂණය රිහාන් රවින්ද්‍ර

වෘත්තීය ඡායාරූප ශිල්පියකු වන චරිත් සොඳුරු ගම් පියසකට පා තබන්නේ විචිත්‍රවත් සේයා රූ කිහිපයක් සිය උප නෙතෙහි සටහන් කර ගැනීමටය. මේ සංචාරය අතරතුරදී හමුවන ගඟක් අයිනේ නවතා තිබූ ඔරුවකට ගොඩ වන ඔහු තොටියාට පවසන්නේ ගඟෙන් එගොඩට තමන් ඇරලවන හැටියටය. ක්‍රමයෙන් ගඟ මැදට එද්දී චරිත්ගේ කැමරාවෙහි අපූරු ඡායාරූප කිහිපයක් නාභිගත වෙයි. ගඟේ ඉවුරේ මනස්කාන්ත දසුනක් නෙත ගැටෙන ඔහු ඒ දෙසට කැමරාව හරවා කැමරාවේ බොත්තම ඔබයි. ක්ෂණයකින් ගඟෙහි ගිලී නාමින් සිටි තරුණියක මතු වෙයි. කිසිවෙකුත් නොසිතූ පරිදි ඇය ඇඳ සිටි දිය රෙද්ද මඳක් පහතට වී පියයුරු නිරාවරණය වේ. චරිත්ගේ කැමරාවේ සටහන් වන්නේ ඇයගේ එකී ස්වරූපයේ සේයාරුවයි. තමන් ඡායාරූපයට නඟාගත් බව දැන ගත් චමලි නමැති ඇය දුව යන්නේ ඇගේ අයියා ලගටය. ඔහු ටයගර් සමන්ය. දන්ඩෙන් පහර කෑ නාගයකු සේ කිපෙන ටයිගර් සමන් චරිත්ව සොයා යයි. ඔහුගේ ඉරණම කෙබඳු වීද. ගිනියම් යාමය නමැති සිනමාපටය දිග හැරෙන්නේ එකී කතාවත් සමඟිනි. සහාය අධ්‍යක්ෂවරයකු, තිර රචකයෙකු, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙසට වඩාත් ප්‍රකට රිහාන් රවීන්ද්‍ර සිනමා අධ්‍යක්ෂවරයකු බවට පත් වන්නේ මෙම සිනමාපටය සමඟිනි.

ගිනියම් යාමය නළු නිළියෝ :

චමීර ලියනගේ, පූජන දන්දෙණිය, නයෝමි තක්ෂිලා, දිලිප් මනෝහර, පවිත්‍රා වික්‍රමසිංහ, ගාවින්ද නවරත්න, චමින්ද පුෂ්පකුමාර, සෙනුරි හොරනගේ, නිරෝෂි අනුරාධා, උදය ශාන්ත ලියනගේ.

ගිනියම් යාමය නිෂ්පාදන කණ්ඩායම :

නිෂ්පාදනය - ප්‍රින්ස් වික්‍රමනායක

සංගීත අධ්‍යක්ෂණය - ආශා රාජපක්ෂ

සංස්කරණය - අරුණ බස්නායක

සහාය අධ්‍යක්ෂණය - ප්‍රදීප් කුමාර

නිෂ්පාදන කළමනාකරණය - උදය ශාන්ත ලියනගේ

ගායනා - සඳමිණි රටියල

ප්‍රදර්ශන සම්බන්ධිකරණය - ගාමිණී ප්‍රනාන්දු

කැමරා අධ්‍යක්ෂණය, තිර රචනය සහ අධ්‍යක්ෂණය - රිහාන් රවීන්ද්‍ර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.