මහාචාර්ය ආරියරත්න ඇතුගල සහෝ සමඟ සිනමාකරණයට දසුන්, ජගත්, ධිනාරා, හර්ෂි ප්‍රධාන චරිතවලට

පෙබරවාරි 20, 2020

ප්‍රවීණ කලා විචාරකයකු, සම්මානනීය ටෙලි නාට්‍යකරුවකු හා මාධ්‍යවේදියකු වන සරසවි ඇදුරුතුමකු සරසවියක සිදුවන කතාවක් අළලා සිනමාපටයක් නිර්මාණය කිරීමට සූදානම් වන බව සරසවියට වාර්තා විය. අධ්‍යක්ෂවරයකු හැටියට කැපී පෙනෙන නිර්මාණ රැසක් ගෙන ආ ඔහු මහාචාර්ය ආරියරත්න ඇතුගලයි.

ඔහු කුලුඳුලේ අධ්‍යක්ෂණය කිරීමට සූදානම් වන එකී සිනමාපටයට නම තබා ඇත්තේ සහෝ යනුවෙනි. කැම්පස් කතාවක් අන්තර්ගත වූ මෙම සිනමාපටය සඳහා දසුන් පතිරණ, ජගත් මනුවර්ණ, ධිනාරා පුංචිහේවා සහ හර්ෂි අංජුමාලා මේ වන විට තෝරා ගෙන ඇති නළු නිළියන්ය.

මහාචාර්ය ඇතුගල තිර නාටකය සකසා ඇති මෙහි කැමරා අධ්‍යක්ෂණය චන්දන ජයසිංහගෙනි. තරුපති මුණසිංහ සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වේ. සරත් සේනාරත්නගේ කලා අධ්‍යක්ෂණයකි.

ඉලේකා රුවන් පතිරණ විධායක නිෂාදනයෙන් ද ගයාන් මධුසංඛ නිෂ්පාදන සැලසුමෙන් ද සහෝ සිනමාපටය සඳහා එක්ව සිටිති. මොවුන්ට අමතරව සෙසු නිර්මාණාත්මක කටයුතු සඳහා කැලණිය සරසවියේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ දායක වෙති.

මහාචාර්ය ඇතුගල පුංචි තිරයට අනගි නිර්මාණයන් බිහි කළ අධ්‍යක්ෂවරයෙකි. සිත්තර ගුරුන්නාන්සේ, රම්‍ය නගරය, තුන්බිය, සූසැට මායම් සහ සමනල කඳවුර ඉන් කිහිපයකි. මහ සමයම සහ මහ සුපින වේදිකාව වෙනුවෙන් ඔහු කළ නිර්මාණයන්ය. විශ්වනාත් බුද්ධි කීර්තිසේනගේ මාතා සිනමාපටයේ තිරකතාව රචනය කළේ ද මහාචාර්ය ඇතුගල විසිනි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.