චණ්ඩාලි, ගංගා, පිනිබිඳු ගෙදර එයි

පෙබරවාරි 20, 2020

චණ්ඩාලි, ගංගා සහ පිණිබිඳු යන පැරැණි සිනමාපට ඩී. වී. ඩී මාධ්‍යයෙන් ඉකුත් දා නිකුත් විය. මේවා ජයනන්ද සීඩී මියුසික් වර්ල්ඩ් බෙදා හැරීමකි.

ඩී. වී. සෙනෙවිරත්නගේ මා ආලය කළ තරුණිය නවකතාව ඇසරෙන් තැනුණු චණ්ඩාලි 1964 වසරේ තිරගත විය. එය එල්. එස්. රාමචන්ද්‍රන්ගේ අධ්‍යක්ෂණයකි. ස්ටැන්ලි පෙරේරා, ජෙනී විනිෆ්‍රීඩා, එච්. ඩී. කුලතුංග, රූබී ද මෙල්, සෝමා මහවලගේ මෙහි චරිත රඟපෑහ. මොහිදින් බෙග් සහ ජී. එස්. බී. රාණි පෙරේරා ගැයුමෙන් දායක වූහ.

1976 තිරගත වූ ගංගා සී. ටී. පෙරේරා හා පතිරාජ එල්. එස්. දයානන්දගේ අධ්‍යක්ෂණයකි. විජය කුමාරතුංග, මාලිනී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය, හියුගෝ ප්‍රනාන්දු, නෙලී ප්‍රනාන්දු, ශාන්ති ලේඛා. නවනන්දන විජේසිංහ මෙහි රංගනයෙන් දායක වූහ. එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක, මිල්ටන් මල්ලවාරච්චි, සුජාතා අත්තනායක ගැයුමෙන් ගංගා රසවත් කොට තිබේ.

එච්. ආර්. ජෝතිපාල ප්‍රධාන චරිත මැවූ පිනිබිඳු සිනමාපටය 1968 දී තිරගත විය. එය චූලා පලාගොල්ලගේ අධ්‍යක්ෂණයකි. ජෝති සමඟ සන්ධ්‍යා කුමාරි, අරුණ ශාන්ති, පියදාස ගුණසේකර, බී. එස්. පෙරේරා, රොබින් ප්‍රනාන්දු ඇතුළු පිරිස මෙහි රංගනයෙන් දායක වූහ. මිල්ටන් පෙරේරා, එච්. ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක හා පී. වී. නන්දසිරි මෙහි ගීත ගැයූහ.

 

Comments

StepCox (තහවුරු වී නොමැත)
Buy Generic Cialis Online Canada Buy Cialis Viagra Ohne Rezept De Cialis Viagra Info
බදා, 03/18/2020 - 01:52

පිටු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.