ඒ තීරණාත්මක මොහොත අන්ද නිම්දම්

පෙබරවාරි 27, 2020

ලාල් වීරසිංහ ප්‍රබල රංගනයක

 

ආර්. කේ. යේසු අධ්‍යක්ෂණයක්...

 

සල්ලි දෙවියන්ගේ මල්ලි කියා කියමනක් තිබේ. සමහර මිනිසුන්ගේ පැවැත්ම තීරණය වනුයේ ද මුදල් මතය. සන්තෝෂ් ද එවන් වූ මිනිසෙකි. යහමින් සල්ලි උපයනා ඔහුගේ වියහියදම්වල කෙලවරක් නැත. එහෙයින් සල්ලාලයකු වීමේ පෙර නිමිති සන්තෝෂ්ගෙන් පෙනීමට තිබිණ. ඔහු විවාහකයකි. වයස අවුරුදු පහක පමණ දරුවකුගේ පියෙකි. තමන්ගේ ප්‍රිය ස්වාමියා වැරදි මඟක යන බව තේරුම් ගත් සන්තෝෂ්ගේ බිරිය වත්මනෙහි ඔවුන් ජීවත් වන ඉන්දියාව අතහැර ලංකාවට පැමිණීමට තීරණය කරයි. එහෙත් සිදු වන්නේ කැලය මාරු වීම පමණි. කොටියාගේ පුල්ලි එලෙසමය. සන්තෝෂ් යළිත් සුපුරුදු සල්ලාල ජීවිතය පටන් ගනියි. ගත වන්නේ දින කිහිපයකි.

ඔවුන්ගේ ආදරණීය පුතු අතුරුදන් වෙයි. එම කාලවකවානුවේදීම නන්නාදුනන පුද්ගලයෙකු සන්තෝෂ්ලාගේ ජීවිතයට ඇතුළු වෙයි. එතැන් පටන් ඔවුන් මෙහෙයවන්නේ රොෂාන් නැමැති කවුද? කින්ද? මන්ද? කියා නොදන්නා ඔහුය. ඒ තත්ත්පරය, ඒ මොහොත දෙමළ භාෂාවේදී හඳුන්වන්නේ අන්ද නිම්දම් යනුවෙනි. මෙම සිනමාපටයෙහි ඇත්තේ එම නමය. දෙමළ භාෂාවෙන් නිර්මාණය වූ මෙය ඉන්දිය - ශ්‍රී ලංකා නිෂ්පාදනයකි. ජනහද දිනූ රංගන ශිල්පී ලාල් වීරසිංහ අන්ද නිම්දම්හි ප්‍රධාන චරිතයකට පණ පොවයි. ඉන්දියානු අධ්‍යක්ෂ ආර්. කේ. යේසු මෙම සිනමාපටය අධ්‍යක්ෂණය කොට තිබේ. සුප්‍රකට දමිළ නළු නිළියන් රැසක් මෙහි චරිත මෙවති.

අන්ද නිම්දම් සිනමාපටයේ සෙසු නළු නිළියෝ :

රුද්‍රා, නොෂීන්, සංජානා, නායිදු, චන්න පෙරේරා,

රජිත හිරාන් චාමිකර

 

අන්ද නිම්දම් සිනමාපටයේ නිෂ්පාදන පිරිවර

කැමරා අධ්‍යක්ෂණය - තංගයියා මාඩසාමි

සටන් අධ්‍යක්ෂණය - එස්. කේ. මුරුගන්

සංස්කරණය - එල්. වී. කේ. දෝස්

නර්ථන අධ්‍යක්ෂණය - රේඛා ඇන්ජලීන්

ගී පද රචනා - අරූන් භාණි

නිෂ්පාදනය - ආර්. කේ යේසු සහ මංජුලා ද සිල්වා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.