වර්ෂ 2021 ක්වූ February 27 වැනිදා Saturday
AIYAI සමඟ තම්පෝ සිව්වැනි පරපුත් සිනමාවට

ඉලන්දිරයන් ඇලන් ආරුමුගම්ගේ අධ්යක්ෂණය කළ AIYAI - A WRATHFUL SOUL ඉංග්රීසි චිත්රපටය හෙට (පෙබරවාරි 28) සිට සීඊඑල් මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගත වීමත් සමඟ මෙරට පුරෝගාමි සිනමා පවුලක සිව්වෙනි පරපුරද සිනමාවට එක්වනු ඇත. ඒ මෙහි තාක්ෂණික අධ්යක්ෂ මෙන්ම පළමු සහය කැමරාකරු ලෙසින් කටයුතු කළ ඇන්තෝනියෝ රොබින් තම්පෝය.ඔහු මෙරට සිනමාවේ තම්පෝ පරම්පරාවේ සිව්වැනි පරපුර නියෝජනය කිරීම විශේෂ වේ.
පනහ දශකයේ අගභාගයේදී සිංහල සිනමාවට සම්බන්ධ වන ඩබ්ලිව්. එම්. එස්. තම්පෝ ගෙන් ඇරඹි තම්පෝ පරම්පරාවේ ආර්. ටී. චිත්රාගාරය ආරම්භ කළ ඔහුගේ පුත් රොබින් තම්පෝ ජනප්රිය සිනමාපට නිර්මාණය කළේය. රොබින්ගේ පුත් සංජීව චිත්රපට ආනයනකරුවකු මෙන්ම චිත්රපට ශාලා හිමිකරුවකු වන අතර දියණිය විලාසිනි තම්පෝ සිනමාව පිළිබඳ කථිකාචාර්යවරියකි. සංජීව තම්පෝගේ පුත් ඇන්තෝනියෝ රොබින් තම්පෝ ය. ඔහු AIYAI චිත්රපටයේ තාක්ෂණික අධ්යක්ෂ සහ පළමු කැමරා අධ්යක්ෂ ලෙසින් දායක වී ඇත.