කලණ මංකි මෑන් වෙයි

පෙබරවාරි 27, 2020

තවත්  නවක අධ්‍යක්ෂවරයකු සිනමාවට  හඳුන්වාදෙමින්  නිර්මාණයවන  මංකි මෑන් සිනමාපටයේ මුහුරත් උළෙල ඉකුත්දා  රෝයල් තැප්‍රොබේන්හිදී පැවැත්විණ. එලෙස  රිදි තිරයට  පිවිසෙන  අධ්‍යක්ෂවරයා වනුයේ තරිඳු දේශප්‍රියයි. මංකි මෑන් සිනමාපටයේ නිෂ්පාදකවරයා වන්නේද ඔහුය. කලණ ගුණසේකර,  දසුන් පතිරණ, ලක්ෂ්මන් මෙන්ඩිස්, මනෝජා ෆර්නැන්ඩු, මධුර ප්‍රභාෂ්වර, උදාර අබේසුන්දර, සංජීව දිසානායක, ධනුෂ්කා ජයරත්න, ලසන්ත ප්‍රමුදිත,  රුවන් මදනායක, ලසන්ත ෆැන්සිස් ඇතුළු පිරිස මංකි මෑන් සිනමාපටයේ  නළු නිළියන්ය. කලණ ගුණසේකර සහ  තරිඳු දේශප්‍රිය තිරරචනය දායකවී තිබේ. ඇඩම් ස්ට්‍රියිනර්ගේ කැමරා අධ්‍යක්ෂණයකි. චරිත් වික්‍රමතිලක කලා අධ්‍යක්ෂණයෙන්ද, විහඟ විජේසේකර සංගීත අධ්‍යක්ෂයෙන්ද, මලින්ද  සම්පත් සංස්කරණයෙන් සහ වර්ණ සංයෝජනයෙන්ද, නාමල් ගමගේ සහාය අධ්‍යක්ෂණයෙන්ද මේ සදහා  එක්වෙති. ඩිලංක ගමගේගේ නිෂ්පාදන සැලසුම්කරණයකි. රංජන එම්. රාජපක්ෂ නිෂ්පාදන කළමනාකරුය. මනනුවන්  රූපසිංහ අංග රචනා ශිල්පියාය. නෙළුම්  කෑරගලආරච්චි ඇඳුම් නිර්මාණයෙන් එක්වේ. ෂෙහාන් කාවින්ද නිශ්චල ඡායාරූප ශිල්පියාය.