ඊතලය හෙට ඉලක්කය අල්ලයි

මාර්තු 5, 2020

නාලක විතානගේ නිර්මාණය කළ ඊතලය සිනමාපටය මාර්තු මස 05 වැනිදා සිට තිරගත වීම ආරම්භ වේ. ඒ එම්. පී. අයි., එල් එෆ්. ඩී සහ සී. ඊ. එල් යන මණ්ඩලයන්හි සිනමා ශාලාවන්හිදීය. කැලුම් ආර්යන් කුලරත්න ප්‍රධාන චරිතය රඟන ඊතලය සිනමාපටයේ සෙසු ප්‍රධාන චරිත රෙක්ස් කොඩිප්පිලි, ශ්‍යාමි ප්‍රනාන්දු, ගයත්‍රි ඩයස්, ශෙහානි පෙරේරා, චමත්කා ලක්මිණි, ධර්මප්‍රිය ඩයස් නිරූපණය කරනු ලබති.

එන්. කේ. ෆිල්ම්ස් වෙනුවෙන් කැලුම් ආර්යන් කුලරත්න සහ ඩෑන් විජේරත්න   නිෂ්පාදනය කළ ඊතලය සිනමාපටයේ කැමරා අධ්‍යක්ෂවරුන් ලෙසට තිලංක පෙරේරා, ඉන්දික ලක්මාල්  සහ නිශාන්ත ප්‍රදීප් දායක වූහ.  ධනුක බාලාරච්චිගෙ කලා අධ්‍යක්ෂවරයාය. තිවංක අමරසිරි සංස්කරණයෙන් එක් විය. ප්‍රභාත් දිසානායකගේ අංග රචනයකි පාලිත විවේක් නිෂ්පාදන කළමනාකරුය. ශාන් අල්විස්ගේ වර්ණ සංයෝජනයකි. කේෂාන් පෙරේරා සංගීත අධ්‍යක්ෂවරයාය. 5.1 ශබ්ද මිශ්‍රණය අසේල ඉන්ද්‍රලාල්ගෙනි. ඊතලය නාලකගේ පස්වැනි සිනමාපටයයි. අනිත්‍යා, රූපාන්තරණ, නිලංජනා සහ සරුංගල් ඔහු මීට ප්‍රථම නිර්මාණය කළ චිත්‍රපට වේ.

Comments

Jankisa (තහවුරු වී නොමැත)
Doxycycline Delivered cialis generic tadalafil Purchase Effexor Online Cialis Dosage Amount For Amoxicillin For Uti
සිකු, 03/20/2020 - 14:57
Jankisa (තහවුරු වී නොමැත)
Doxycycline Delivered cialis generic tadalafil Purchase Effexor Online Cialis Dosage Amount For Amoxicillin For Uti
සිකු, 03/20/2020 - 14:58

පිටු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.