චින්තන ධර්මදාස කුලුඳුල් චිත්‍රපටය 13 වැනිදා ‘ඇවිළෙන සුලුයි’

මාර්තු 5, 2020

නව පරපුරේ සිනමා විචාරකයකු වූ චින්තන ධර්මදාස අධ්‍යක්ෂණය කළ ඇවිළෙන සුලුයි සිනමාපටය මෙම මස 13 වැනිදා සිට සීමිත සිනමා ශාලා කිහිපයකදී තිරගතවීමට නියමිතය. මෙය අධ්‍යක්ෂවරයාගේ කුලුඳුල් සිනමාපටයයි.  අනුර සිල්වා නිෂ්පාදනය කළ ඇවිළෙන සුලුයි සිනමාපටයේ ෂ්‍යාම් ප්‍රනාන්දු සහ සමනලී ෆොන්සේකා ප්‍රධාන චරිත රංගනයේ යෙදෙති.  හේමසිරි ලියනගේ, කුමාර තිරිමාදුර, ප්‍රියන්ත සිරිකුමාර, නිශාන්ත  ප්‍රියදර්ශන, රංජිත්  දේවනාරායන, ඉඳුනිල් සුරංග මෙහි සෙසු චරිත නිරූපණය කරති. තිර රචනය චින්තක ධර්මදාසගෙනි. රන්දුල ද සිල්වා විධායක නිෂ්පාදකවරයාය. පාලිත පෙරේරා කැමරා අධ්‍යක්ෂණයෙන් දායක විය. සමන් ඇල්විටිගලගේ සංස්කරණයකි. ඉන්ද්‍රචාප ලියනගේ සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වන මෙය නුවන් සනුරංකගේ නිෂ්පාදන සැලසුමකි.  දිනිඳු ජාගොඩ වර්ණ ගන්වා තිබේ. ලක්රුවන් විතානගේ සහය අධ්‍යක්ෂණයෙන් ද, නාරද ධනංජි තොටගමුව අංග රචනයෙන් ද, නිරෝෂන් වෙලගෙදර සහ අමරතුංග අතපත්තු නිෂ්පාදන කළමනාකරණයෙන් ද ඇවිළෙන සුලුයි සිනමාපටය සඳහා දායක වී තිබේ. අරුණ ප්‍රියන්ත කළුආරච්චි ශබ්ද සැලසුම්කරුය.

Add new comment