මනෝ ටේලර් මහේන්ද්‍ර බාබර් ගිරිරාජ්ගේ කතුරු මිතුරු මීළඟට

මාර්තු 5, 2020

සිකුරු හතේ, සුහද කොකා වැනි සිනමාපට නිර්මාණය කරමින් සිනමා ලෝලීන් අමන්දානන්දයට පත් කළ ගිරිරාජ් කෞශල්‍යගේ මීළඟ සිනමාපටය කතුරු මිතුරු - බාබර් සහ ටේලර් තව නොබෝ දිනකින් සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි  තිරගතවීමට නියමිතය. නැසීගිය සම්මානනීය කලාකරු ජයලත් මනෝරත්න අවසන්වරට රඟපෑ සිනමාපට කිහිපයෙන් එකක් වන කතුරු මිතුරු හි මහේන්ද්‍ර පෙරේරා, රොඩ්නි වර්ණකුල, ප්‍රියන්ත සෙනවිරත්න, මොරින් චාරුණී, ජයනි සේනානායක, සඳනි හෙට්ටිආරච්චි, රසාංජන නන්දසිරි, මිහිර සිරිතිලක, වසන්ත විට්ටච්චි, ආනන්ද අතුකෝරල ඇතුළු පිරිස රංගනයෙන් දායක වෙති. ආලංකුලම සිනමාපට වෙනුවෙන් බාසුරු සිරිවර්ධන මෙම සිනමාපටය නිෂ්පාදනය කොට තිබේ. රුවන් කොස්තා සහ තුසිත අනුරාධ කැමරා අධ්‍යක්ෂවරුන්ය. ආචාර්ය රෝහණ වීරසිංහ සංගීත නිර්මාණයෙන් දායක විය. අජිත් රාමනායකගේ සංස්කරණයකි. නිර්මාණාත්මක සැලසුම සහ අනුශාසකත්වය ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගෙනි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.