යාත්‍රා අන්තර්ජාතික උලෙළ රැසක

මාර්තු 12, 2020

ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ යාත්‍රා සිනමාපටය අන්තර් ජාතික  සිනමා උලෙළ දෙකක අවසන් වටයට තේරී පත්ව ඇති වග  සරසවියට වාර්තා විය. ඒ භූතානයේ ඩ්‍රක් සහ ඉන්දියවේ කල්කටා කල්ට් යන සිනමා උලෙළයන්හිදීය. ඩ්‍රක් සිනමා උලෙළේ Best Narrative Feature දිනා ගනිමින් අප්‍රේල් මාසයේදී පැවැත්වෙන ඩ්‍රක් උලෙළේ  අවසන් වටය සඳහා ද කල්ට් සිනමා උලෙළේ Out Sranding Achievement සම්මානය දිනා ගනිමින් 2021 වසරේ ජනවාරියේ පැවැත්වෙන කල්ට් සිනමා උලෙළේ අවසන් වටය සඳහා ද යාත්‍රා තේරී පත්ව තිබේ.

ක්ලීටස් මෙන්ඩිස්, ශි‍්‍රයාණි අමරසේන, ලක්ෂ්මන් මෙන්ඩිස්, ශ්‍රියන්ත මෙන්ඩිස්, රොෂාන් පිලපිටිය, සාරංග දිසාසේකර, සෙනාලි ෆොන්සේකා ඇතුළු පිරිස යාත්‍රා සිනමාපටයේ රංගනයේ යෙදේ. මෙය ශ්‍රියාණි අමරසේන, රුවන් ජයසිංහ සහ නිරංජලා සරෝජිනිගේ නිෂ්පාදනයකි.

Add new comment