එකම මඟක නාඳුනන දෙදෙනෙක්...

ඇවිළෙන සුලුයි
මාර්තු 12, 2020

එකම මඟක නාදුනන දෙන්නෙක් . . .

මේක මහ පාරක් දිගේ කතාවකි. අධික වේගයේ දුවන මෝටර් රථයක්, රියදුරු කලබලකාරීව මොකක් හෝ සිද්ධ කළා. මේ කිසිවක් සැලසුම් කළ දේවල් නොවේ කමල් වෘත්තියෙන් බැංකු නිලධාරියෙක්. කාලයක් තිස්සේ හිර කරගෙන හිටි පීඩනයක් පුපුරා යාමෙන් දවසක් කමල් අතින් එයාගේ බිරිඳ මැරෙනවා. කලින් සැලසුම් නොකළ මරණය නිසා අවුලට වැටෙන ඔහු මිනිය කාර් එකේ ඩිකියේ පටවාගෙන හම්බන්තොට පැත්තට ඇදෙනවා. රට පුරා සංවර්ධනයේ නමින් පාරවල් හැදෙන කාලයක්. කමල්ට මේ ගමන පුරා විකාරරූපී මිනිස්සු මුණ ගැහෙනවා. එක තැනකදී ස්වකීය පෙම්වතාගේ වටිනා සූට්කේසයක් හොරකම් කරගෙන පැනලා යන කෙල්ලක් කමල්ගේ කාර් එකට රහසේ ගොඩ වෙනවා. බිරිඳ මැරූ පිහියම පාවිච්චි කරලා ඇය කමල්ව යටත් කර ගන්නවා. මේ ආතතිකර සම්බන්ධය ටිකෙන් ටික ආදරණීය එකක් බවට පෙරෙළෙනවා. වෙන විකල්පයක් නැති ඇය කමල් එක්ක ඔහුගේ බිරිඳගේ මිනිය අස්ථානගත කිරීමේ ගමනට සම්බන්ධ වෙනවා. මිනියක් ඩිකියේ දමාගෙන දකුණ බලා යන මේ ගමන එක්තරා විදිහක අද්භූතරූපී එකක්. හරියට කමල් සමාන්තර කාල රේඛාවකට අහම්බෙන් කඩා වැදුණා වගේ. නැත්නම් පැටලිලිකාර හීනෙක ගැඹුරට ගමන් කරනවා වගේ. මේ මිනීමරු සැමියා සහ කොල්ලකාරී තරුණිය අතර සම්බන්ධය මොන වගේ එකක් වෙයිද? හෙට සිට තිරගතවන ඇවිළෙන සුලුයි සිනමාපටයේ කතාව වෙන්නේ මේකයි. එය චින්තන ධර්මදාසගේ අධ්‍යක්ෂණයකි.

 

ඇවිළෙන සුලුයි සිනමාපටයේ නළු නිළියෝ:

ශ්‍යාම් ප්‍රනාන්දු, සමනලි ෆොන්සේකා, හේමසිරි ලියනගේ, කුමාර තිරිමාදුර, ප්‍රියන්ත සිරිකුමාර, නිශාන්ත ප්‍රියදර්ශන, රංජිත් දේවනාරායන, ඉඳුනිල් සුරංග

 

ඇවිළෙන සුලුයි නිෂ්පාදන කණ්ඩායම -

නිෂ්පාදනය - අනුර සිල්වා

කැමරා අධ්‍යක්ෂණය - පාලිත පෙරේරා

සංස්කරණය - සමන් ඇල්විටිගල

සංගීතය - ඉන්ද්‍රචාප ලියනගේ

විධායක නිෂ්පාදනය - රන්දුල ද සිල්වා

නිෂ්පාදන සැලසුම - නුවන් සනුරංක

සහාය අධ්‍යක්ෂණය - ලක්රුවන් විතානගේ

අංග රචනය - නාරද ධනංජි තොටගමුව

නිෂ්පාදන කළමනාකරණය - නිරෝෂන් වෙලගෙදර, අමරතුංග අතපත්තු

දෘශ්‍ය ප්‍රයෝග - රවීන් වෙත්තසිංහ

වර්ණ ගැන්වීම - දිනිඳු ජාගොඩ

ශබ්ද සැලසුම - අරුණ ප්‍රියන්ත කළුආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.