කිසිදු කතුරකින් කපා දැමිය නොහැකි මිතුරුකම

මාර්තු 19, 2020

 

නිෂ්පාදනය බාසුරු සිරිවර්ධන

 

අධ්‍යක්ෂණය ගිරිරාජ් කෞශල්‍ය

 

විල්සන් සහ සැම්සන් ගජ මිතුරෝය. ඒ බැඳීම ලේ නෑකමකටත් වඩා එහා ගිය එකකි. විල්සන් පාරම්පරික සන්නාලියෙකි. සැම්සන් පාරම්පරික ඇඳුම් මසන්නෙකි. දෙදෙනාට මිතුරු ආයුදයක් තිබේ ඒ කතුරය. සාමාන්‍යයෙන් කතුර භාවිත කරනුයේ කැපීමටය. එය එසේ වුව ද විල්සන් සහ සැම්සන්ගේ මිතුදම කිසිදු කතුරකින් කපා දැමිය නොහැකි බවට සහතිකය. ඔවුන්ගෙන් විල්සන්ට දුවෙක් සිටියි. සැම්සන්ට පුතකු සිටියි. දෙදෙනාම විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය අවසන් කොට ගමට පැමිණ කාලය ගත කරන්නේ ඔවුන්ගේ උගත්කමට රැකියා අවස්ථා නොමැති වීම හේතුවෙනි. අවසන ඔවුහු තමන්ගේ පියවරුන්ගේ රැකියාවට සම්බන්ධ වීමට උත්සාහ දරති. නමුත් විල්සන්ගේ සහ සැම්සන්ගේ අභිප්‍රාය වනුයේ දුව සහ පුතා පරිපාලන සේවයට සම්බන්ධ උසස් සේ සැලකෙන රැකියාවක් කරනු දැකීමය. කාලයාගේ ඇවෑමෙන් දූ පුතුන් දෙදෙනා බාබර් සහ ටේලර් වෘත්තීන්ට යොමු වේ. තම පියවරුන් මෙන් නොව සම්ප්‍රදාය වෙනස් කරමින් ඒ ගමන් මගෙහිම වෙනස් ආකාරයට දියණිය සහ පුතනුවන් පියවර තබන්නට පටන් ගනිති.

මේ කතුරු මිතුරු සිනමාපටයේ කතා සාරාංශයයි. සිකුරු හතේ, සුහද කොකා වැනි අතිශය ජනප්‍රිය හාස්‍යෝත්පාදක සිනමාපටයන් රිදී තිරයට කැන්දූ ගිරිරාජ් කෞශල්‍යගේ නවතම සිනමාපටය ලෙසට කතුරු මිතුරු හඳුන්වා දිය හැකිය. අතිශය සුන්දර අන්දමින් මෙහි කතාව රචනා කළ ගිරිරාජ් කතුරු මිතුරු සමගින් පේ‍්‍රක්ෂක ඔබව සිනහ සයුරේ ගිල්වන්නට සූදානමිනි. ළඟදීම සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හිදී මෙම සිනමාපටය ඔබට නැරැඹිය හැකිය. කතුරු මිතුරු නැසීගිය විශිෂ්ට රංගනවේදී ජයලත් මනෝරත්නයන්ගේ අවසන් සිනමාපට කිහිපයෙන් එකකි. මෙහි සැම්සන් හෙවත් ටේලර් ලෙස රඟන්නේ ඔහුය.

 

කතුරු මිතුරු නළු නිළියෝ:

ආචාර්ය ජයලත් මනෝරත්න, මහේන්ද්‍ර පෙරේරා, රොඩ්නි වර්ණකුල, ප්‍රියන්ත සෙනෙවිරත්න, මොරින් චාරුනි, ජයනි සේනානායක, රසාංජන නන්දසිරි, සඳුනි හෙට්ටිගොඩ, වසන්ත විට්ටච්චි, ලලිත් ජයකාන්ත, ගිහාන් ප්‍රනාන්දු, මිහිර සිරිතිලක, චන්ද්‍රසෝම බිංදුහේවා, ඩී. බී. ගංගොඩතැන්න, දයා වයමන්, නිමල් යටිවැල්ල, එස්. අයි. සමරක්කොඩි, ආනන්ද අතුකෝරාල, සම්පත් ජයවීර, සහන් රන්වල, සමන් හේමරත්න, උපතිස්ස බාලසූරිය, ශිරෝමිකා ප්‍රනාන්දු, සුදාරා රන්දිනි, ගාමිණී අම්බලන්ගොඩ, රූපා පතිරණ, නිමල් ජයසිංහ

 

කතුරු මිතුරු නිෂ්පාදන කණ්ඩායම

නිෂ්පාදනය - ආලංකුලම චිත්‍රපට වෙනුවෙන් බාසුරු සිරිවර්ධන

විධායක නිෂ්පාදනය - යසිත් සිරිවර්ධන

කැමරා අධ්‍යක්ෂණය - රුවන් කොස්තා

සහාය අධ්‍යක්ෂණය - ජයන්ත අබේරත්න

අංග රචනය - ප්‍රියන්ත දිසානායක

සංගීත අධ්‍යක්ෂණය - ආචාර්ය රෝහණ වීරසිංහ

නිෂ්පාදන සම්බන්ධකරණය - නිලන්ත ප්‍රියදර්ශන

ශබ්ද පරිපාලනය - ප්‍රියන්ත කළුආරච්චි

ගීත රචනය - බණ්ඩාර ඇහැලියගොඩ, නිලාර් එන්. කාසිම්, අචල සොලමන්ස්

නිෂ්පාදන සැසුම - ජයප්‍රකාශ් සිවගුරුනාදන්

දෙවන කැමරා අධ්‍යක්ෂණය - තුසිත අනුරාධ

කලා අධ්‍යක්ෂණය - මනෝජ් වික්‍රමසිංහ

ඇඳුම් නිර්මාණය - සංජීව කරුණාරත්න

සංස්කරණය - අජිත් රාමනායක

නිෂ්පාදන කළමනාකරණය - ශ්‍රීලාල් වික්‍රමගේ

නිශ්චල ඡායාරූප - ධම්මික පතිරත්න

ගී තනු - ආචාර්ය රෝහණ වීරසිංහ, සමන්ත පෙරේරා, කපිල පූගලආරච්චි

ගීත ගායනය - අමරසිර පීරිස්, අමන්ද්‍යා උත්පලි, තාරක ගුණරත්න, ජයලත් මනෝරත්න, මහේන්ද්‍ර පෙරේරා, රොඩ්නි වර්ණකුල, ප්‍රියන්ත සෙනෙවිරත්න

Add new comment