මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවැතී

අප්‍රේල් 2, 2020

මේ දිනවල කිසිදු කලා කටයුත්තක් සිදු නොකෙරෙන බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.  ඒ නිසා කලාකරුවන්ද සිටින්නේ ගෙදරට වෙලා. මේ අතරින් බොහොමයක් කලාකරුවෝ එදිනෙදා නිර්මාණ කටයුතුවලට දායක වෙලා කීයක් හරි හම්බකරපු අය.  වැඩක් කෙරුනොත් විතරයි අතමිට සරුවෙන්නේ. සියළු නිර්මාණය කටයුතු කල් ගිය නිසා ඇතැම් අයට ජීවත් වෙන්න පවා නොහැකි තත්ත්වයට පත්වෙලා.  මේ වෙලාවේ ඔබ සිතට නැගෙන්න පුළුවන් අර සංගමේ කලා සංගම් කෝ කියලා. නෑ ඔවුන් නිහඬ නෑ.  මේ වනවිටත් කලාසංගම් කිහිපයක් වැඩ පටන් අරන්.

 

දේශීය සිනමා ශිල්පීන්ගේ සංධානය ඉන් එකක්. ජාතික චිත්‍රපට සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ රොහාන් වැලිවිට තමා එහි සභාපති.  එරංග සේනාරත්න ලේකම් විදිහට කටයිතු කරනවා.ඔවුන් කරනා කාර්යන් පිළිබඳ චිත්‍රපට නිෂ්පාදක රාජ් රණසිංහ මෙලෙස අදහස් බෙදාගන්න ඉදිරිපත් වුණා.


 ඊයේ පෙරේදා දවසක මම ගෙදරට වෙලා ඉන්නකොට මට කලාකරුවන් දෙදෙනෙකු කතා කළා. මම මේ වෙලාවේ ඔවුන්ගේ නම් කියන්නේ නැහැ. හරි නැහැනේ. එයාලා මට කිව්වේ කන්න විදිහක් නෑ අසරණ වෙලා ඉන්නවා කියලා. මම කිව්වා එන්න අපේ ගෙදර මම කන බොන දේවල් දෙන්නම් කියලා. ඔවුන්ට එළියට බහින්නවත් විදිහක් නෑ. මම කල්පනා කළා මොකද කරන්නේ කියලා.
එවලෙම ගත්තා රොහාන් වැලිවිටට කෝල් එකක්. මේ විස්තරේ කිව්වා. දන්නවානේ රොහාන් ගැන ුමසජන මිනිහනේ. ඒ මොහොතේ පටන්ම වැඩේට බැස්සා.


ඔහු අග්‍රාමාත්‍ය කාර්යාලයත් හවුල් කර ගත්තා. හැකි පරිදි බඩු භාණ්ඩ රැස් කරගෙන බෙදන්න පටන් ගත්තා. බොහෝ කලාකරුවන් මේ වෙලාවේ හරිම අසරණ වෙලා ඉන්නේ. එහෙම කවුරුහරි කලාකරුවෝ ඉන්නවානම් 0778233860 අංකයට මාව අමතන්න. ඒ වගේම කිසියම් කෙනෙක් ඒ වගේ කලාකරුවන්ට දෙන්න කියලා අවශ්‍ය දේවල් ඔය වියළි ආහාර වගේ ාදබ්එසදබ කරනවානම් ඒකත් මේ වෙලාවේ වටිනවා.  ඔවුන් එහෙම උපකාරයන් කරන අතරතුරදී ටෙලි වෘත්තිකයන්ගේ ජාතික සංසදය මඟින්ද වැඩපිළිවෙළක් ආරම්භ කරලා. 

එහි සභාපති කලාඅධ්‍යක්ෂ උදේනි සුබෝධි කුමාර. දීපානි සිල්වා ලේකම්වරියයි. ඔවුන් වෙනුවෙන් ජනප්‍රිය නළු සම්පත් ජයවීර සංසදය මඟින් කරන වැඩපිළිවල ගැන කතා කළා.  අපේ සංසදයට නළුනිළියන්ගෙ ඉඳලා තිරය පිටුපස සිට්න හැම ශිල්පියෙක් වගේ ඇතුළත්. ඇත්ත වශයෙන්ම අසරණවූ කලාකරුවන්ව මේ වෙලාවේ අපි සොයාබැලිය යුතුයි. ඒ සඳහා අපේ අනුසංගම් වලට ප‚වුඩය යැව්වා. අංගරචනා ශිල්පීන්ගේ සංගමයඣීකැමරා ශිල්පීන්ගේ සංගමය වගේ සංගම් ගොඩක් තියනවනේ. ඒවායේ සභාපතිවරු හරියටම දන්නවානේ කාටද මේ වෙලාවේ උදව් අවශ්‍ය කියලා.
එයාලාගෙන් දැනගෙන අපිට කරන්න පුළුවන් දෙයක් ඔවුන් වෙනුවෙන් කරනවා.  රාජ්ලා සම්පත්ලා එලෙස වැඩ කටයුතු කරද්දි අපේ ජන්ප්‍රිය නිළියෙකුත් පුද්ගලික මට්ටමෙන් මේ අසරණ කලාකරුවන්ට පිහිටක් වෙන වැඩපිළිවෙළක් පටන්ගෙන. හැබැයි ඇය නම කියන්න කැමති නෑ.නම නෙවේ ක්‍රියාවනේ වැදගත්. ඒනිසා ඔබ මේ වෙලාවේ ඇත්තටම උදව් අවැසි කලාකරුවෙක්නම් 0772953477 අංකයෙන් කතා කරලා විස්තර කියන්න ඇයට කලාකරුවන් වෙනුවෙන්  සරණට කලාකරුවෝම සැරසෙති.

Add new comment