මායා බෝංචි වැලේ කතාව

“ආකාස පාලම”
ජුනි 11, 2020

ජැක් වෙනුවට “මිගාර”

 

මේක ඔබ දන්න කතාවක්. පුංචි සංදියේ අප එය ඇති තරම් රසවින්දා.

මායා බෝංච් වැලේ කතාව කිව්වාම කවුද නොදන්නේ. එහි යෝධ බෝංච් වැල අපේ හිතේ මැවුණා. නපුරු යෝධයාව පැරැද්දූ පුංචි ජැක් වීරයකු වුණා. මේ කතාව අලළා විදෙස් නිර්මාණ හැදුණා. ඒවත් අප නරඹලා තියනවා. ඒ මායා බෝංචි වැලේ කතාව අපේ නිර්මාණකරුවෙක් සිනමාවට නඟලා. චිත්‍රපටයේ නම ආකාස පාලම. මේකේ ඉන්නේ ජැක් නෙවේ මිගාර. අර ජැක්ගේ චරිතයමයි. නම විතරයි වෙනස්. සුමිත් කුමාර තමයි ආකාස පාලම සිනමාපටයේ අධ්‍යක්ෂ.

ආකාසෙට පියාඹන්න පුංචි ළමයි හීන මවනවා. ඒවා හීනම විතරයි. එහෙම හීන දැකපු ළමයෙක් හිටියා.ඔහු මිගාර. ඔහු හරිම දුප්පත්. දුප්පත්කම නිසාම ගෙදර හිටපු එකම වැස්සිව විකුණන්න වෙනවා. ඒත් මිගාරට ලැබෙන්නේ සල්ලි නම් නෙවෙයි, බෝංචි ඇට වගයක්. කතාව පටන් ගන්නේ එතනින්.

ආකාස පාලමේ නිෂ්පාදනය ආනන්ද සමරසිංහගෙ. කතාව සහ තිරරචනය අජිත් මෙන්ඩිස් විසින් නිමකොට තිබෙනවා.

ආකාස පාලමේ නළුනිළියෝ

රොනී ලීච්

නිල්මිණි

තෙන්නකෝන්

විනූ සිරිවර්ධන

රොහාන් විජේතුංග

චමීර ශානක

නිමල් පල්ලේවත්ත

චංචලා වර්ණසූරිය

නුවනි වලිමුණි

නෙතු ප්‍රියංගිකා

සෝමසිරි කොළඹගේ

දිනේශ් විජේසිංහ

සුසන්ත කැලුම්

සඳෙව් සන්තුල(ළමා)

බුහුනි කිත්නාරා සමරසිංහ

 

කැමරාකරණය- සුරේශ් ධම්මික

සංගීත අධ්‍යක්ෂණය- ආචාර්ය රුවින් ඩයස්

සහාය අධ්‍යක්ෂණය- ධනංජය මංචනායක

අංගරචනය-තිලාන් බාලසූරිය

සංස්කරණය - ශාන් අල්විස්

ගී පද- අජිත් මෙන්ඩිස්

ගීත ගායනය- භාමනෝජ් කුමාර්, ශාන්ත පීරිස්, සඳෙව් සකුන්තලා, දුනිති කාවින්‍යා, ජනනි ඉමාත්මා,භානුක සෙනෙවිරත්න, ටෙරන් ද අල්විස්

කලා අධ්‍යක්ෂණය-සුසන්ත කැළුම්.

නිෂ්පාදන කළමනාකරණය-ඩිලාන් නිලන්ක

නිෂ්පාදන සහාය-කේ.පුෂ්පකුමාර(රාජු)