අයහපතට එරෙහි වූ පිය සෙනෙහස

බාදුරා
ජුනි 25, 2020

අධ්‍යක්ෂණය ක්‍රිස් ඇන්තනී

නිෂ්පාදනය හරේන් නාගොඩවිතාන

නිශා,චූටි සහ ආකාශ්.මේ තිදෙනා යොවුන් වියෙහි පසුවන්නන්ය.දැන උගත් ඔවුන් අතිශය සූක්ශම අන්දමින්     මත් රකුසාට ගොදුරුවේ.කාලය ඉක්මවා ගියද තිදෙනා යහපත් මාවතකට එන අන්දමක් පෙනෙන්නට නැත.මේ අතර චූටි ළමා අපචාර සඳහා අතරමැදියකු ලෙසද භාවිත වේ.තමන්ගේ දියණිය එන්න එන්න වෙනස්වන බව දැනෙන චූටිගේ පියා රහසේම ඇය පසුපස හඹායයි.එහිදී සියල්ල අනාවරණය කරගන්නා ඔහු තරුණ පිරිස විනාශ කරන තිදෙනෙකුගෙන් යුතු කල්ලියක් සොයාගනියි.ඒ සීඩී ප්‍රදීප්,අශාන් සහ කලුකුමාරයි.එතැන පටන් චූටිගේ පියා තම දරුවන් බේරා ගැනීමට සැලසුමක් සකස් කරයි.බාඳුරා සිනමාපටය ගෙන එන්නේ එකී කතාවයි.ක්‍රිස් ඇන්තනී එහි නිර්මාණකරුය.එය ඔහුගේ කුලුඳුල් සිනමාපටයයි.ඉතා කෙටි කලකින් බාඳුරා සිනමාපටය නිර්මාණය වී තිබීම විශේෂම කරුණකි.ළඟදිම බාඳුරා සිනමා ශාලාවන්ට පැමිණීමට නියමිතය.

බාඳුරා සිනමාපටයේ නළුනිළියන්

දර්ශන් ධර්මරාජ්,මල්කාන්ති ජයසිංහ,සරත් චන්ද්‍රසිරි,අතුල ජයසිංහ,ශමීර දිල්ශාන්,ගාමිණී සෝමරත්න,චාමර සමරවික්‍රම

සිනමාපටයේ   නිෂ්පාදන කණ්ඩායම -

කැමරා අධ්‍යක්ෂණය-සමිත් අලහකෝන්.

සහාය අධ්‍යක්ෂණය-ලලිත් රාජපක්ෂ.

සංස්කරණය-ශාන් අල්විස්.

අංග රචනය-රුචිර සංජීව.

කලා අධ්‍යක්ෂණය-ඇනෙස්ටිනා ප්‍රනාන්දු.

නිෂ්පාදනය-හරේන් නාගොඩවිතාන