වර්ෂ 2024 ක්වූ March 19 වැනිදා Tuesday
සිනමාව වෙනුවෙන් සංවිධානයක්
සිනමා කර්මාන්තය වෙනුවෙන් වසර ගණනාවක් තිස්සේ අත්‍යවශ්‍යය තිබූ ප්‍රබල සිනමා සංවිධානයක් පසුගිය 11 දින පිහිටුවා ගන්නා ලදී.
සිනමා කර්මාන්තයේ ප්රගමනය වෙනුවෙන් සියලුම අංශ නියෝජනය වන සංවිධානයක අවශ්‍යතාවය පසුගිය කාලය පුරාම ක්ෂේත්රයේ විවිධ පිරිස් හා සංවිධානවල සාකච්ඡාවට භාජනය විය. එම සංවාදයන්හි ප්‍රතිඵලයක් ලෙස නව සංවිධානය බිහි විය. ඒ සඳහා සිනමාවේ වගකිවයුත්තන් ගණනාවක් සහභාගී වූහ. මරදානේ ‘සිනෙසිටි’ සංකීර්ණයේදී ඉහත සඳහන් සාකච්ඡාව පැවැත්විණ.
චිත්‍රපට නිෂ්පාදකයින්, අධ්යක්ෂවරුන්, ප්‍රදර්ශකයින්, නළු නිළියන්, කාර්මික ශිල්පීන් සහ ආනයනකරුවන් ආදී සිනමාවේ කොටස්කරුවන්ගේ සහභාගීත්වයෙන් මෙම නව සංවිධානය පිහිටුවා ගනු ලැබීය.
දැනට පවත්නා සිනමා සංගම්වල ක්‍රියාකාරිත්වය තනි තනි අංශවලට සීමා වුවත් ඒවා සමහරක් එතරම් ක්‍රියාශීලී නොවූ බව වාර්තා වී තිබිණ. සිනමා කර්මාන්තය පිළිබඳව රජයත් අනෙකුත් බලධාරීන් සමඟත් සාකච්ඡා කිරීමේදී වඩාත් ප්‍රායෝගිකව අවශ්‍ය කරුණු පිළිබඳව පැහැදිලි කිරීමට මෙවැනි ඒකාබද්ධ සංවිධානයක අවශ්‍යතාවයක් නිර්මාණය විය.
සිනමාව පිළිබඳ යෝජනා හා අදහස් ලබාදීම හා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමත් ඉතාම අත්‍යවශ්‍යතාවයකි. සිනමා කර්මාන්තය ගැන දැනට ඇත්තේ අල්ප සැලකිල්ලකි. මෙය සිනමා කලාව, කර්මාන්තය හා ව්‍යාපාරය පිළිබඳවත් සංස්කෘතිමය වටිනාකමකින් යුක්ත වූත් ප්‍රබල මාධ්‍යයකි. මෙම මාධ්‍යය සම්බන්ධයෙන් මෙරට බලධාරීන් විසින් මීට වඩා වැඩි සැලකිල්ලක් දැක් විය යුතුයි. ඒ සඳහා නව සංවිධානයේ විශේෂ අවධානය යොමු වේ.
‘සිලෝන් චේම්බර් ඔෆ් සිනමා’ ((CEYLON CHAMBER OF CINEMA) යනුවෙන් නව සංවිධානය නම් කිරීමට යෝජනා වූ අතර ව්‍යවස්ථාව සහ අදාළ නම මෙම සතියේ රැස්වන කමිටුවක් මඟින් අනුමත කිරීමට තීරණය විය.
දැනට ක්‍රියාත්මක වන සියලුම වෘත්තීය සිනමා සංගම් සමඟ කිට්ටු සංවාදයක් ගොඩනඟා ගනිමින් ඉතා සුහදශීලීව කටයුතු කිරීමට සංගමයේ විධායක කමිටුව තීරණය කළේය. සිනමාවේ ක්‍රියාශීලීව කටයුතු කරන සංවිධාන සමඟ අදහස් හා යෝජනා හුවමාරු කර ගනු ඇත.
සංවිධානය සඳහා මූලික වශයෙන් පහත සඳහන් විධායක කමිටුව ඒකමතිකව පත් කර ගනු ලැබීය.
සංවිධායක - බුද්ධි කීර්තිසේන
කැඳවුම්කරු - නිශාන්ත ප්‍රදීප් හෙට්ටිගේ
විධායක කමිටුව - සෝමරත්න දිසානායක, උදයකාන්ත වර්ණසූරිය, ශ්‍රියාණි අමරසේන, නීටා ප්‍රනාන්දු, සුනිල් ටී. ප්‍රනාන්දු, අර්ජුන කමලනාත්, එච්. ඩී. ප්‍රේමසිරි, සරත් අතුකෝරල, ඉමිතියාස් කාදර්, තුෂාන් රංගන, ප්‍රවීන් ඩේවිඩ්, ලකී ඩයස්, රවීන්ද්‍ර ගුරුගේ, හේමාල් රණසිංහ, රොහාන් පින්නදූව, චන්න දේශප්‍රිය