යාත්‍රාට තවත් සම්මාන

ජුනි 25, 2020

ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු නිර්මාණය කළ යාත්‍රා සිනමාපටය සඳහා තවත් අන්තර්ජාතික සම්මාන ද්විත්වයක් හිමි වී තිබේ. ඒ තාගෝර් සහ මදුරාසි අන්තර්ජාතික සිනමා උලෙළදීය. එම උලෙළ දෙකෙහිදීම හොඳම චිත්‍රපටය ලෙස සම්මාන යුගලයක් යාත්‍රා සිනමාපටය දිනා තිබේ. ශ්‍රියාණි අමරසේන, ක්ලීටස් මෙන්ඩිස්, ලක්ෂ්මන් මෙන්ඩිස්, සාරංග දිසාසේකර, සෙනාලි ෆොන්සේකා ඇතුළු පිරිස මෙහි රංගනයේ යෙදෙති. යාත්‍රා ශ්‍රියාණි අමරසේන, රුවන් ජයසිංහ සහ නිරංජලා සරෝජනීගේ නිෂ්පාදනයකි.