මහැදුරු ඇතුගලගේ කුලුඳුල් සරසවි පෙම් කතාව "සහෝ" පුළුල් තිරයට...

ජූලි 2, 2020

හාචාර්ය ආරියරත්න ඇතුගල යනු පුළුල් වපසරියක් ස්පර්ශ කළ වූ නිර්මාණකරුවෙකි. අධ්‍යක්ෂවරයෙකි. සිත්තර ගුරුන්නාන්සේ, තුන් බිය, රම්‍ය නගරය, සමනළ කඳවුර සහ සූසැට මායම් වැනි ටෙලි සිතුවම් මඟින් ඔහු එය මනාව පිළිබිඹු කොට ඇත. එමෙන්ම මහාචාර්ය ඇතුගල විසින් නිර්මාණය කරන ලද මහ සමයම සහ මහ සුපින යන වේදිකා නිර්මාණ නොමඳ ප්‍රේක්ෂක අවදානයට පාත්‍ර විය. එවන් වූ නිර්මාණ ගෙන ආ ඇතුගලයන් අධ්‍යක්ෂවරයකු ලෙසට සිනමාවට ද සම්ප්‍රාප්ත වී සිටියි. ඔහු මීට ප්‍රථම බූඩි කීර්තිසේනගේ මාතා සිනමාපටයට තිර රචනයෙන් දායක විය. මහාචාර්ය ඇතුගල කුලුඳුලේ තැනූ සිනමා නිර්මාණයට නම තබා ඇත්තේ ද 'සහෝ 'යනුවෙනි. මේ වන විට එහි සියලු රූපගත කිරීම් නිමකොට ඇති වග අධ්‍යක්ෂවරයා සරසවියට දන්වා සිටියි. මේ සහෝ සිනමාපටය පිළිබඳ කෙටි පිළිසඳරක යෙදුණ මහාචාර්ය ඇතුගලයන්.

සහෝ මොන වගේ චිත්‍රපටයක්ද?

මේක ආදර කතාවක්. තවත් විදිහකින් කිව්වහොත් සරසවි ප්‍රේම කතාවක්. සමහර සරසවි ආදර කතා තියෙනවා ඒවා හරිම විචිත්‍රයි. සහෝ කියන්නේ සරසවි ප්‍රේමයේ විචිත්‍රත්වය හා විශ්මය මුල් කොට ගත් සුන්දර සිනමාපටයක්.

මෙහි තිර රචනය?

මමම තමයි තිර කතාව ලීවේ.

චිත්‍රපටය සුන්දර වෙන්න ඊට යොදා ගන්නා දර්ශනතලත් බෙහෙවින් බලපානවා?

ආදර කතාව දිග හැරෙන්නේ සරසවියකනෙ. කැලණිය සරසවිය තමයි ඒ හා සබැඳි දර්ශන රූපගත කළේ. ඒ වගේම ඔබ කිව්වා වගේ සුන්දර ස්ථානවල ඒ කිව්වේ රිවස්ටන්වල

රමණීය පරිසරයක් චිත්‍රපටයේ සෙසු දර්ශනවලට මා යොදා ගත්තා.

සහෝ සිනමාපටයේ නළුනිළියන්

දසුන් පතිරණ, ධිනාරා පුංචිහේවා, හර්ෂි අංජුමාලා සහ බියංක අමරසිංහ

සිනමාපටයේ නිෂ්පාදන කණ්ඩායම -

කැමරා අධ්‍යක්ෂණය සහ ආලෝකකරණය චන්දන ජයසිංහ, සහාය අධ්‍යක්ෂණය සරත් සේනාරත්න, විධායක නිෂ්පාදනය ඉලේකා රුවන් පතිරණ, සංගීතය තරුපති මුණසිංහ, කලා අධ්‍යක්ෂණය ගයාන් මධුශංක, අංග රචනය ලක්ෂිත ජයකොඩි, සංස්කරණය ඩිලාන් ගුණවර්ධන, ඇඳුම් නිර්මාණය මනෝරි සුබසිංහ, ගායනා ඉන්ද්‍රචාප ලියනගේ සහ උපේකා නිර්මාණි.