“අයිස්ක්‍රීම්” ළඟදීම

ජූලි 2, 2020

ව පරපුරේ අධ්‍යක්ෂවරයකු වන ප්‍රදීප් ධර්මදාසගේ පළමු සිනමා අධ්‍යක්ෂණය "අයිස්ක්‍රීම්" ළඟදීම තිරගත වීමට නියමිතය.

බයිස්කෝප් උන්මාදයේ ඇලළී සිටින නාගරික ලුම්පන් පංතියේ තරුණයෙකුගේ සිහින සහ බලාපොරොත්තු "අයිස්ක්‍රීම්" චිත්‍රපටයෙන් නිරූපණය වේ.

මෙහි ප්‍රධාන චරිතය හේමාල් රණසිංහ රංගනයෙන් දායක වන අතර සරත් කොතලාවල, අයිෂාරා අතුකෝරල, රුක්මාල් නිරෝෂ්, බිමල් ජයකොඩි, ජයලත් මනෝරත්න, දමිතා අබේරත්න, චමිලා පීරිස්, ඩී.බී ගංගොඩතැන්න, මඳුශාන් නානායක්කාර, චින්තක වාස් ඇතුළු පිරිස මේ සඳහා රංගනයෙන් දායක වේ.

"අයිස්ක්‍රීම්" තිර රචනය රංගන ශිල්පී කළණ ගුණසේකරගෙන් වන අතර කෝකිලා විතානගේ සහ දුමින්ද පියරත්න එහි නිෂ්පාදන කර්තව්‍යය ඉටුකොට ඇත. කැමරා අධ්‍යක්ෂණය චින්තක සෝමකීර්තිගෙන් වන අතර සංස්කරණය රුක්මාල් නිරෝෂ්ගෙනි. දිනිදු ජාගොඩ "අයිස්ක්‍රීම්"හී වර්ණ සංස්කරණය සිදුකොට ඇත. මෙම සිනමා පටයේ සංගීත අධ්‍යක්ෂණය කසුන් කල්හාරගෙන්ද ගී පද රචනය මංජුල වෙඩිවර්ධනගෙනි. කසුන් කල්හාර සහ කුෂානි සඳරේඛා ඒ සඳහා ගීත ගායනයෙන් දායක වේ.