දෙසැම්බර් 31 අපි දැන් කොහෙද යන්නේ

ජූලි 9, 2020

අද දෙසැම්බර් තිස් එක. මුළු රටම අලුත් අවුරුද්ද පිළිගන්න සැරසී සිටින මොහොතක පුංචි පවුලකට තිබෙන්නේ හිස ගිනි ගන්නා ගැටලුවකි. ඔවුනට මේ රාත්‍රියේ නිවසින් පිටවී යන්නට සිදුව තිබේ. ඔවුන් පදිංචිව සිටිනා කුළී නිවසේ ගත කිරීමට ඇති එකම දිනය අදයි. තාත්තාත් අම්මාත් සිටින මේ පවුලේ එකම වස්තුව කුඩා දියණිය පමණි. ඇය තෙහැවිරිදිය. අම්මාත් තාත්‍තාත් දියණිය කැටුව මෝටර් සයිකලයට නැග්ගෝය. යා යුතු ඉසව්වක් පිළිබඳ නිනව්වන් නැත.හතරවට ඇත්තේ කන් බිහිරි කරනා රතිඤ්ඤා හඬය. පන්සල් පල්ලි ගිහින් එන ජනතාවට මේ අසරණයන්ගේ ගැටලුව දන්නේ නැත. ඔවුන් ඔවුනගේ ලෝකවලය. අම්මාගේත් තාත්‍තාගෙත් සුරතලිය මේ දුක්ඛදායී තත්ත්වය සමනය කරයි. එහෙත් ඔවුන් කොහේ යන්නද?.

මේ කසුන් මහේන්ද්‍ර හීනටිගල අධ්‍යක්ෂණය කළ අපි දැන් කොහෙද යන්නේ චිත්‍රපටයේ අන්තර්ගතයයි. කලණ ගුණසේකර, නදීශා මධුශානි සමඟ ප්‍රධාන චරිතයට පණ පොවන මේ සිඟිත්තිය ටනුෂි ශෙනායා මන්දාකිණිය. මේ වනවිට අන්තර්ජාතික සිනමා උලෙළ රැසක් නියෝජනය කළ අපි දැන් කොහෙද යන්නේ සිනමාපටය සඳුන් දොලමුල්ලගේ නිෂ්පාදනයකි.