ආලේ CORONA සුව නොවන ආදරයක්

ජූලි 23, 2020

2020 මාර්තු 22 දා කලබලකාරී ඉරිදා දිනකි. බලාපොරොත්තු රැසක් පොදි බැඳගත් සුජාන් කොළඹ බලා පැමිණෙන්නේ තමාට ලැබිය යුතු ණය මුදලක් ලබාගනු පිණිසය. ඇගේ පෙම්වතිය ටෙක්ලාය.ඇය පදිංචිව සිටින්නේ බොරලැස්ගමුව ප්‍රදේශයේ තාවකාලික නවාතැන්පොළකය.ටෙක්ලා සහ සුජාන් කලක සිට පෙම්වතුන් ය.කොළඹට පැමිණෙන සුජාන් තමාගේ මුදල් ලබාගැනීමට වෙහෙසෙන අතරතුර කොරෝනා වසංගතය උග්‍ර අතට හැරෙමින් ගම් නගර ක්ෂණිකව වසා දැමීම ඇරඹෙයි.

කොළඹ පැමිණි සුජාන් කිසිවක් කරකියාගත නොහැකිව කොරෝනා හේතුවෙන් කොළඹ අතරමං වේ.යාමට ඒමට නවාතැන් ගැනීමට කිසිදු තැනක් සොයාගත නොහැකි තැන සුජාන් ටෙක්ලාගේ කුලී කාමරය සොයා පැමිණෙයි.

මේවනවිට ටෙක්ලාද සිටින්නේ දැඩි මූල්‍ය අර්බුදයකය. බෝඩිං කාමරය තුළ සුජාන් නතර කරගැනීමට ටෙක්ලා විවිධ උපක්‍රම භාවිත කරයි. අවසානයේ දෙදෙනා එකම බෝඩිං කාමරයකට කොටු වෙයි.

සිහින ලෝකයේ තමා ආදරය කළ සුජාන් සමඟ ටෙක්ලා ජීවිතට අරඹයි. දෙදෙනාගේම මූල්‍ය අපහසුතා අතර දිනෙන් දින ජීවිතය ගලා යයි. සිහින ලෝකයේ තමා ඇසුරු කල සුජාන්ගේ සැබෑ ගති ස්වරූපය ක්‍රමයෙන් ටෙක්ලාට වැටහෙන්නට පටන් ගනී.

මේ අතර ටෙක්ලාගේ පියාගෙන් දුරකථන ඇමතුමක් පැමිණෙන්නේ සේවා අවසර පතක් ලබාගෙන ඔහු කොළඹ පැමිණෙන බවටයි.දෙදෙනාම ඉන් කළබලයට පත්වෙයි.

තම තමන්ගේ සැබෑ ගති ස්වරූපයන් හරියටම හඳුනාගන්නා දින දාහතරක් ගෙවී යයි. තමාගේ සිහින මනෝරාජික ලෝකයේ සිටි දෙදෙනා සැබෑ ජීවිතයේදී වෙනස්ම චරිත දෙකක් බව දෙදෙනාම වටහා ගනී.

මේ ගැටුම් හමුවේ ටෙක්ලා සහ සුජානිට කුමක් වේද?

මෙහි අවසානය අතිශය බියකරු ආරම්භයක් ද?

මේ සියලු පැනවලට විසඳුම ලබාදෙන ආදරණීය සිනමා නිර්මාණය "ආලේ කොරෝනා"ළඟදීම ඔබේ සිනමාහලේදී ඇසුරු කිරීමට ඔබට අවස්ථාව හිමිවනු ඇත.

කොරෝනා උවදුර පදනම් කරගනිමින් මිනිසුන් තම තමා සහ සමීපතමයන්ගේ සැබෑ ගති ස්වරූපය තේරුම්ගත් ආකාරය ආලේ කොරෝනා තුළ පිළිඹුබු වේ.

අධ්‍යක්ෂණය - සංජය නිර්මාල්

නිශ්පාදනය සහ තිර රචනය- යූ.ඒ.පල්ලියගුරු

කැමරා අධ්‍යක්ෂණය -මහේෂ් රුවන්පතිරණ

සහය අධ්‍යක්ෂණය - මහේෂ් උයන්වත්ත

දෙවන සහය අධ්‍යක්ෂණය - ළහිරු ප්‍රසංග

නිෂ්පාදන කළමණාකරණය - ප්‍රවීන් වෙස්ලි රාජ්කලා අධ්‍යක්ෂණය- සුරංග කුරුප්පු ආරච්චි

ගීත ගායනය - fil -අදීශ බීට්ස් ,සෙනෙත් දයන්ත

දෘශ්‍ය ප්‍රයෝග - නිරෝධ වෙරංග

නළු නිළි පිරිවර

ඩිෂ්නි රාජපක්ෂ,ජෙහාන් ජෙහාන් අප්පුහාමි, වසන්ත විට්ටච්චි, දීපානි ද සිල්වා, බුද්ධික ජයරත්න